Chapter 08

710 258 14
                                    

මන් ස්කූටි එක ලගට වෙලා හෙල්මට් එක අතේ තියන් බලන් හිටියත් මියුන්හා එන්න සෑහෙන්න පරක්කු වුනා..මගේ කොල්ස් වලට උත්තර දෙන්නෙත් නැති පාර අන්තිමට මන් එයාව හොයාගෙන එයාගේ ෆැකල්ටි එක පැත්තට යන්න හදද්දි ජිමින් මගේ ඉස්සරහට ආවෙ..

-"මියූ කෝ ජිමින්..එයා තාම ඇතුලෙද..?"

මන් අහනකොට ජිමින්ගේ ඇස් කලබල වුනා..පිටිපස්ස බලපු එයා ආපහු ඉස්සරහට හැරිල මන් දිහා බැලුවෙ..

-"මියුන්හා දැන් ගිහින් හුගක් වෙලානේ ජන්ග්කුක්..මන් හිතුවෙ ඔයාට කියන්න ඇති කියලා.."

-"මොකක්ද...?කොයි වෙලේද එයා ගියේ.?"
මන් කලබලෙන් ඇහුවෙ..

-"ම්ම්..දැන් පැය දෙකක් විතර වෙනවා."

ජිමින් කිව්වෙ ඔරලෝසුව දිහා බලාගෙන..ආපහු එයාට උත්තර දෙන්න සිහියක් මට තිබුනේ නැ..අමුතු බයකින් හිතම වෙලාගද්දි ස්කූටි එක අරගෙන මන් පුලුවන් තරම් වේගෙන් අපාර්ට්මන්ට් එකට ආවෙ..එයා මීට කලින් කවදාවත් මට නොකියා කොහෙවත් ගිහින් නැ..ඒකමයි බය හිතුනේ මට..

මියූ...!!

අපාර්ට්මන්ට් එකේ දොර ඇරගෙන මන් මියුන්හට කතා කරගෙන ඇතුලට ගියත් එයාගේ කටහඩවත් කිසිම සද්දයක් මට ඇහුනේ නැ..හිතේ තිබුනු බය තව වැඩි වෙද්දි මන් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට ගියේ..

මියූ....!!

එයා රූම් එක ඇතුලේ හිටියේ නැ..කිචන් එකේ ඉදන් හැමතැනකම හෙව්වත් එයා හිටියේ නැ කොහෙවත්..බයටම පපුව හිර වෙලා මගේ..එයාගේ ෆෝන් එකට කෝල් ගත්තත් ෆෝන් එක වැඩ කලෙත් නැ..

-"මියූ ඔයා කොහෙද මැනික ගියේ..?"

හිර වුනු පපුවට එක අතක් තියාගෙන කෑ ගහපු මන් අපාර්ට්මන්ට් එකෙන් එලියට දුවගෙන ගියේ..බිල්ඩින්ග් එකේ rooftop එකේ ඉදන් පහලට ඇවිත් බලන්න ඕනි හැමතැනකම හෙව්වත් මියුන්හා කොහෙවත් හිටියේ නැ..අන්තිමට මන් එයාව කැෆේ එකට හොයන් ගිහින් වැඩ කරන හැමතැනකම හොයලා ආපහු අපාර්ට්මන්ට් එකට එනකොට කලුවරත් වැටිලා..

කොහෙවත් හිටියේ නැ එයා..කොහෙවත් හිටියේ නැ මගේ මියූ..

ඒත් හිත කිව්වෙම මියුන්හා කොහේ හරි ගිහින් අපාර්ට්මන්ට් එකට ආපහු ඇවිත් ඇති කියලා..ඒත් නැ..එයා ඇවිත් හිටියේ නැ..මොනා කරන්නද කියලා හිතාගන්න බැරුන් ඔලුව බදාගෙන රූම් එක පුරා ඇස් කරවද්දි මන් දැක්කේ ක්ලොසෙට් එකේ එයාගේ ඇදුම් අඩු වෙලා කියලා..

RAIN ||JJK|| COMPLETED Tempat cerita menjadi hidup. Temukan sekarang