Chapter 09

779 265 17
                                    

ඒ රූම් එකේ දොර ඇරලා ජිමින් ඇතුලට යන්න කියපු සැනෙන් දුවන්න ඕනි වුනා මට..ඒත් මට බැ..කකුල් දෙක වෙව්ලනවා මගේ..ඇවිදගන්න බැ මට..දොර අල්ලගෙන අමාරුවෙන් මන් ඇතුලට ගියේ..

පැත්තකින් පෙනුනු ඇදක් උඩ මගේ මියූ හිටියා..එයාට නින්ද ගිහින්..කදුලු වැටිලම ඇස් දෙකම දැවිල්ලයි..පෙනුනේ නැ මට හරියට එයාව..මන් හෙමීට අඩිය තියලා එයාගේ ලගට ගියේ..සත්තයි..විශ්වාස කරගන්න බැරි වුනා මට..

ලස්සනට හිටපු කෙල්ල ඇටකෝටුවක් වගේ වෙලා..සුදු මූන අදුරගන්න බැරි තරමට සුදු මැලි වෙලා ගිහින්..රෝස පාට තොල් වේලිලා පුපුරු ගැහිලා.ඒවා කලු පාටට හැරිලා..පියවිලා තිබුනු ඇස් ඇතුලට ගැබුරු වෙලා..බලන් ඉන්නේ කොහොමද මන් මගේ කෙල්ල මේ තරම් වේදනාවක් විදලා තියෙන විදිහ..වේදනාව දරාගන්න බැරුන් පපුව කීරි ගැහිලා සද්දෙට ඉකිගැහෙද්දි අත කටට තියලා තද කරලා මන් හපාගත්තේ..

එයා දිහා බලාගෙන තවත් හිටන් ඉන්න ශක්තියක් මට තිබුනෙ නැ..දුවන්න ඕනි වුනා මට..මෙච්චර කාලයක් කකුල් දෙක හති වැටෙනකන් දිව්ව වගේ දුවන්න ඕනි වුනා මට..මියූට කතා කරගන්න ඕනි වුනත් දුකටම පපුවත් එක්ක උගුරත් මගේ හිර වෙලා..කොහොමද මන් කතා කරන්නේ...?ලේ විසි වෙනකන් තදකරලා අත හපාගෙන මට පුලුවන් වුනේ අඩන්න විතරයි..

-"ජන්ග්කුක්..."

ඉකි ගැහුනු මගේ හඩට පියවෙලා තිබුනු ඇස් ඇරිලා පුදුමෙන් වගේ මන් දිහා බලන් ඉන්නවා..සිදහස් වාරයක් මගේ හදවත නිමපු ඒ කටහඩ ඇහෙද්දි ඒ මැලවුනු ඇස් මන් දිහා බලන් ඉද්දි කොහොමද මන් තවත් දරාගන්නේ..අනේ මට සද්දෙටම කෑ ගැහුනා..හැමදේම මොහොතකට අමතක වුනා මට..හිටපු තැනින් දුවලා ගිහින් මන් හයියෙන්ම එයාව බදාගත්තේ..මගේ අත් දෙකටවත් අහු වෙන්නේ නැ එයාව..හෝ ගාලා ඇඩෙනවා මට සද්දෙන්ම..අඩලා එයාට රිද්දන්න ඕනි නැ මට..ඒත් කොහොමද මන් මේ වැටෙන කදුලු නවත්තගන්නේ..

-'ඇයි මියූ...ඇයි මැනික මේ හැමදේම මගෙන් හංගලා ඔයා දුරස් වෙලා ගියේ.. ?"

ඉකිගගහම මන් අහද්දි මොකුත් නොකියා එයා මගේ පපුවට හේත්තු වුනා විතරයි..එයා ලගින් ආපු මල් සුවද තාමත් මට දැනෙනවා..මාස ගානකට පස්සෙත් තාමත් ඒ සුවද ඒ උනුසුම එයා ලග..

RAIN ||JJK|| COMPLETED Unde poveștirile trăiesc. Descoperă acum