Chapter 05

805 261 16
                                    

එදා දවසෙන් පස්සේ සතියක් යනකන් මට ආයේ මියුන්හව මුනගැහුනේ නැ..මන් කොච්චර කෝල් කලත් එයාගේ ෆොන් එක වැඩ කලේ නැ..එයා කොලේජ් ආවෙත් නැ..හැමදාම රෑට වැඩ ඉවර කරලා මන් එයා එනකන් බලන් හිටියා..ඒත් එයා ආවෙ නැ..ඒත් මන් එයාව විශ්වාස කලා..හිත කිව්වෙම එයා මාව හොයාගෙන ඒවී කියලා..

මියූ...

සින්දුවක් අහගෙන මන් බලන් හිටියේ  එයා දීපු කැරට් ටෙඩියා දිහා..එදා ඒ මූනේ තිබුනු සතුට..ජිල් බෝල ඇස් දෙකේ තිබුනු ආදරේ මතක් වෙනකොට පපුව හීල්ලුනා මගේ..ටෙඩියව පපුවට තුරුලු කරගෙන ඇස් වලට උනපු කදුලු වලට ඔහේ ගලන්න ඉඩ දුන්නා මන්..මටවත් හිතාගන්න බැ ඒ දගකාරම් විදින්නේ නැතුන් ඒ මූන නොබලා මන් සතියක් තිස්සේ බලන් හිටියෙ කොහොමද කියලා..

මට ඔයාව ගොඩක් මතක් වෙනවා මියූ..

ඉකිගැහෙද්දි කදුලු පිහිදගෙන මම බෙඩ් හෙඩ්බෝර්ඩ් එකට හේත්තු වුනේ..ආදරෙ කියන්නේ මෙච්චර බොලද වේදනාවක් කියල මට දැනුනේ මියුන්හා නැතුන් හිටපු මේ සතිය ඇතුලත..එක සතියක් මට දැනුනේ හරියට කල්පයක් වගේ..මන් එයාට කොයිතරම් දුරට ආදරෙන් බැදිලද කිව්වොත් කාපු කෑම කටක්වත් උගුරෙන් පහලට යවාගන්න බැරි වුනා මට..ඒ තරම් ගෙවෙන හැම තත්පරේකම මතක් වුනේ එයාව..

-"කුකී ඔයා තාම නිදි නැද්ද..?"

නිදාගෙන හිටපු හෙයොන්ග් බෙඩ් ටේබල් ලෑම්ප් එක ඔන් කරලා ඇස් පොඩි කර කර මගේ දිහා බලාගෙන අහ්ද්දි මොකුත් නොකියපු මන් ඔහේ එයා දිහා බලාගෙන හිටියා..

-"මේ මහ රෑ මැදක් වෙනකන් සින්දු අහ අහා ඉන්න පිස්සුද කුකී ඔයාට.."

ෆොන් ස්ක්‍රීන් එකෙන් වෙලාව බලපු හෙයොන්ග් මගෙන් ආපහු අහද්දි ඒත් මන් මොකුත් කතා නොකර ඔහේ බලන් හිටියා..

-"ජන්ග්කුක්...!! මොන ලෝකෙද ඉන්නේ ආ..මන් කතා කරනවා ඇහෙන්නේ නැද්ද...?ඕක ගලවලා දාලා නිදාගන්න එන්න.."

හ්‍යොන්ග් මගේ කනේ තිබුනු ඉයර්ෆොන් දෙක ගලවන්න යද්දි මන් හ්‍යොන්ගේ අතකින් අල්ලගත්තේ..,

-'මට මෙහෙම ඉන්න දෙන්න හ්‍යොන්ග්.."

ආපහු පාරක් ඉකිගැහෙද්දි මන් හෙමීට කිව්වෙ..හ්‍යොන්ග් මන් දිහා බලලා හුස්මක් අල්ලලා මගේ ඉස්සරහින් ඉදගත්තේ

RAIN ||JJK|| COMPLETED Hikayelerin yaşadığı yer. Şimdi keşfedin