ඊට පස්සෙ ආයේ කවදාවත් මියුන්හා මට එයාගේ ඔම්මයි අප්පයි ගැන මතක් කරන්න ඉඩක් දුන්නේ නැ..අර මනුස්සයා කිව්වෙ මොනාද කියලා අදටත් මියුන්හා විතරක් දන්න මට රහසක්..ඒ ගැන අහන හැමවෙලාවකම මියුන්හා මාව මග ඇරියා..නැත්නම් එයා ඇස් වල කදුලු පුරවන් අඩනවා..මට ඕනි වුනේ නැ කිසිම හෙතුවකට එයාව දිගින් දිගටම අඩවන්න..ඒත් එයා එදා දවසෙන් පස්සේ හැමවෙලේම නිතරම කියපු දෙයක් තිබුනා..
"ජන්ග්කුක්..ඔයාගේ හ්යොන්ග් එක්ක ගිහින් කතා කරන්න..ඔයයි එයාගෙන් සමාව ගන්න ඕනි..එයාගෙන් සමාව ගන්න..පරක්කු කරන්නෙපා.ඔයාට පසුතැවෙන්න වෙයි දවසක.."
එයා හැමවෙලාවකම ඔය වචන ටික මට මතක් කලා..ඒ වචන මගේ හිත හැම වෙලාවකම පාරවව්වා..සමාව ගන්න ඕනි වුනා මටත්..ඒත් මට නැ මියුන්හා තරම්වත් ශක්තියක්..විශ්වාස කරන්න..ඉස්සර දවසක හ්යොන්ගේ මූන නොබලා ඒ උනුසුම නැතුන් දවසක් ඉන්න බැරි වුනු මන් දවස් 317ක් ඒ මූන නොබලා ජීවත් වෙලා..ඒ තරම් මගේ හිත ගල් කරලා මාව අත ඇරලා දැම්මේ එයයි..මන් නෙමෙයි...මගේ මුරන්ඩු හිත තාමත් පිලිගන්න කැමති වුනේ නැ එයාගේ අත්මාර්තකාමී වචන..
-"ඔයා මගේ හ්යොන්ග් නෙමෙයි..මට ඔයාගේ කුකී වෙන්න ඕනි නැ.."
මීට මාස 11කට කලින් හ්යොන්ග්ව අන්තිමපාරට දැකපු දවසේ මන් කෑ ගහපු ඒ වචනත් එක්ක මගේ දිහා බලාගෙන හිනාවුනු හ්යොන්ග් වචනයක් නොකිය යන්න ගියා.
එදා දවසෙන් පස්සේ ආයේ එයාව මට දකින්න ලැබුනේ නැ..
මන් එහෙම කිව්වට එයාට තිබුනා මාව හොයන් ආපහු දවසක එන්න..
මම එයාගේ එකම මල්ලිනේ..
සමාව දෙන එක එච්චර අමාරුද එයාට...??
ආත්මාර්ථකාමී එයා...
මගේ හිත මාව නිවැරදි කරන්න හ්යොන්ග්ව වැරදිකාරයෙක් කලා..-"මියූ ඔයාට ආයෙත් අසනීපයි වගේද මැනික.."
සැටිය උඩ වාඩි වෙලා මුලු ඔලුව අත් දෙකෙන් බදාගෙන බිම බලාගෙන ඉන්න මියුන්හගේ නලලට අතක් තියලා මන් අහනකො අහනකොට එයා මගේ උරහිසට බර වුනේ..
-"ඔලුව රිදෙනවා ජන්ග්කුක්.."
එයා හෙමීට කිව්වෙ හුගක් අමාරුවෙන්..එයාගේ නලලේ රස්නේ ශර්ට් එක ඇතුලෙන් මගේ උරහිසට දැනෙනවා.
KAMU SEDANG MEMBACA
RAIN ||JJK|| COMPLETED
Fiksi Penggemarමීදුම් වැස්සත් එක්ක මගේ කුඩේ ඇතුලට ඇවිත් පායපු දගකාර දේදුන්න ... දුර ඈතකට මාව දාලා ගිහින් නතරවෙලා..