🇨 🇭 🇦 🇵 🇹 🇪 🇷 1🧚

1.2K 192 76
                                    


පාර කොනේ තියෙන ice cream ෂොප් එකේ සෙනග ඉතිරිලා ගිහින්...පොඩි ලමයි පේලියයි එතන...

" උයා පේලි පනිනවා..."

" නෑ මම මෙතන හිටියේ"

" ඔම්මට කියනව මම "

" මාත් කියනව ඉතින්"

පොඩි ලමයි දෙන්නෙක් මූණු බෙරි කරගෙන රණ්ඩු වෙන්න ලෑස්ති වෙන බව දැකපු ෂොප් එකේ අයිතිකාරයා කලබල උනා...

" හෝව් හෝව්...දෙන්න රණ්ඩු උනොත් කාටවත් අයිස්ක්‍රීම් දෙන්නෙ නෑ මම"

අයිස්ක්‍රීම් නැතිවෙයි කියන බයට පොඩි ලමයි දෙන්නම කටවල් පියාගෙන ඈත්උනේ දෙන්නට දෙන්නා රවනගමන්...කට කනට යන්න රවනව දෙන්න එක්ක...

ඉස්සර හිටපු පොඩි ලමයගෙ අයිස්ක්‍රීම් ඒක දීපු අයිස්ක්‍රීම් මුදලාලි අනිත් ලමයා ඉල්ලපු ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක දෙන්න කෝන් එකකුත් අතට අරගෙන ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ටබ් එක තිබුන තැන බැලුවා...ඒත් මුදලාලි දැක්කෙ එතන හිස්ව තියෙනව...ටබ් එකම නෑ එතන...

" කවුද ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ටබ් එක හොරකම් කරේ...පීටර්...කෝ අයිස්ක්‍රීම් ටබ් එක?"

කඩේ වැඩ කරන පීටර් කොල්ලා මුදලාලිගෙ හඩට හොදටම බය උනේ නොකරපු වැරැද්දකට තමන්ගෙ ජොබ් එක ගහල යයිදෝ කියල හිතමින්...

" මම දන්නෙ නෑ "

" දන්නෙ නෑ තමයි...මම ම ඉන්න ඕන මෙතන...කෝ තව ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකක් ගේන්න "

කේන්තිය පාලනය කරගත්ත මුදලාලි පොඩි අය බය වෙන්නෙ නැති වෙන්න ආපහු හිනා වෙන ගමන් අයිස්ක්‍රීම් විකුණන්න ගත්තා....

ඔය අතරේ පාරෙ උඩ පැන පැන ඇවිදින පොඩි කොල්ලෙක්ගෙ අතේ අයිස්ක්‍රීම් ටබ් එකක්ම තිබුනා...ලොකු අයිස්ක්‍රීම් බෙදන හැන්දකින් අයිස්ක්‍රීම් කකා ඒ පිරිමි ලමයා හරි සතුටෙන් පාරෙ යන දිහා හැමෝටම වගේ නොදැනුවත්වම බැලවුනා...මොකද ඒ පිරිමි ලමයා අයිස්ක්‍රීම් කන්නෙ අයිස්ක්‍රීම් ස්කූප් කරල ගන්න හැන්දකින්....හැමෝගෙම වගේ ඔලුව ප්‍රශ්න නිසා ගිනිගෙන...ඒත් මේ පිරිමි ලමයා...ලෝකෙ සතුටින්ම ඉන්න කෙනා එයා වගේ සතුටින් යනවා...වැඩි වෙලා තියෙන බඩු වල මිල ගනන්වත් එයාට ගානක් නෑ වගේ...ඒකනෙ මෙච්චර ලොකු ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ටබ් එකක්ම කකා යන්නෙ...

🄽🄰🅄🄶🄷🅃🅈  🄰🄽🄶🄴🄻 🧚Where stories live. Discover now