2 කොටස

153 45 12
                                    

ශාරධා අපට පේන මානයෙන් ඉවත්වී යනතුරුම කන්නා ඇය දෙස අනුකම්පාව මුසු බැල්මෙන් බලා සිටියා..ඇය ගියාට පසු කන්නා සෙමින් කටහඬ අවධි කළා..

"වෙලාවකට මට ඒ කෙල්ල ගැන පුදුමත් හිතෙනවා රාකේෂ් මහත්තයා.."මම කිසිත් නොකියාම ඔහුගේ කතාවට ඉඩ දුන්නා..

"ශාරධා කියන්නෙ මේ පළාතෙම හොඳම මල්කාරයා රාමචන්ද්‍රන්ගෙ දුව..එකම දරුවා..රාමචන්ද්‍රන් මැරුණෙ ඔය ශාරධා කෙල්ල උපදින වෙලාවෙදියි..ශාරධාගෙ අම්මා ඒකි වදන්න විලිරුදාවෙන් ඉන්නකොට රාමචන්ද්‍රන් ගියා වින්නඹුවක් කැන්දන් එන්න..ඒ යන අතරමගදි තමයි අනතුරක් වෙලා චන්ද්‍රන් මැරුණේ..උපදිනකොටම ඒකි අප්පාව මරාගෙන උපන්නා කියලා හැමෝම ශාරධාට මූසලී කියලා කිව්වා..ඊට පස්සෙ ශාරධාගෙ අම්මා කෙල්ල දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ..තරහට..ශාරධාට කිරිදුන්නෙත් අපෙ මායියා.."

මම නිහඬකමින් යුතුව ඔහුගේ කතාවට කන් දුන්නා..සිත තුළ අසීමිත දුකක් දැනටත් තෙරපීගෙන එන වග මට තේරුම් ගියා..

"ඉන් පස්සෙ ශාරධාගෙ අම්මා ඒකිව චන්ද්‍රන්ගෙ නාකි අම්මා ගාව තියලා ගම අතඇරලා ගියා..පොඩි කාලෙ ඉඳන් ශාරධා හැදුණෙ වැඩුණෙ නාකි ආච්චි එක්ක තමයි..දැනටත් ශාරධා සල්ලි හම්බකර කර මහන්සි වෙන්නෙ ඒ නාකි ගෑනිට බෙහෙත් කරන්න තමයි..මර ඇඳේ වැටිලා ඉන්නෙ.."

මගෙ හදවත වේදනාබරව ගැහෙන්නට පටන් ගත්තා..දෑස බොඳව නොගියේ පුරුෂ ශක්තිය හිතට කාවද්දා ගත් නිසාදෝ යන වග තේරුණේ නෑ..නමුත් මේ වෙද්දිත් හද ගැස්ම කෑ ගසා හඬන්ට පටන් අරගෙන තිබූ බව මට තේරුම් ගියා..

"මිනිස්සුන්ට එහෙම වෙන්නෙ ඇයි කන්නා?"මම ඇසුවා..

"මේ ලෝක පාලක දෙයියෝ කොයි විදිහකින් මනුස්ස ජීවිත මවලා තියෙනවද කියලා කියන්න තේරෙන්නෙ නෑ මහත්තයා..දැන් බලන්න දරුවෝ..සල්ලි නාන්න තියෙන දරුවො බලාපොරොත්තුවෙන් ඉන්න මිනිස්සු කොච්චරක් ළමයි නැතුව දුක් වෙනවද??ඒත් කන්න බොන්න දෙයක්වත් හොයාගන්න නැතුව හිඟමන් යදින මිනිස්සු දරු මල්ලො වටකරගෙන ඉන්නවා..එහෙම තමයි මේ ලෝකෙ හැදිලා තියෙන්නෙ..හරිම අසාධාරණයි.."

මම නිල් අහසට දෑස් යොමු කළා..

කුරුළු රංචුවක් අහස් කුස වහගෙන පියාඹා ගියා...

මගේ සිත ව්‍යාකූල වී තිබුණා..

හඬා වැටෙන හදවත මිමිණුවේ එකම නමයි...

ශාරධා...

_________________

ශාරධා |Short Chapters [Completed]Where stories live. Discover now