1 කොටස

317 50 27
                                    

ශාරධා..

ඒ නම මගේ සිත තුළ දෝංකාර දෙන්නට වුණා..

තමිල්නාඩුවේ මෙතරම් සුන්දර කාන්තාවන් සිටියදී මා සිත ඇය අසලම නතර වන්නට හේතු සාධක සෙවීමට මා අසාර්ථක වුණා..දිනපතා කාර්යාලයේදීද..මග තොටේදීද ඕනෑ තරම් කාන්තාවන් මුණ ගැසුණද අන් කතුන් කෙරෙහි නොවුණු ආකර්ෂණයක් ඇය වෙත දැනුනා..

නැහැ..ඇයට සුන්දර යන වචනය ‌ගැළපෙන්නෙ නැහැ..ඇය පියකරුයි..නමුත් ඇගේ දිළිඳුකම ශාරධාට සුන්දර බවක් ලබාදුන්නෙ නෑ..

කර්කශ දිවියත් සමඟ පොරබදින ඇගේ ගෙවීගිය නියපෙලත්..නිසි පෝෂණයක් නැති නියාවෙන් කැඩී ගිය කැරලි කොණ්ඩයත්..අව් රශ්මියට යටවන කාල වර්ණ සමත් මගේ දෑසට දිනපතාම හසුවුණා..

පත්තර කන්තෝරුවේ ඒකාකාරි දිවියෙන් විවේක ලබන ඉරිදා දිනයේ කෝවිලයට යන්නට පුරුදු වුණේ දෙවියන් කෙරෙහි වූ භක්තිමත් බවට වඩා ඇයව දැකගන්ට ඇති ආශාව නිසා බව මා කල් යත්ම තේරුම් ගත්තා..

ඇය ඇගේ දෑතින්ම ගෙතූ මල්දම් මිලට අලෙවි කිරීමට කෝවිලට යන බව මම සහසුද්ධයෙන්ම දැනගෙන සිටියා..පිච්ච මලුත්..දහස්පෙතියා මලුත්..විටෙක රෝස මලුත් පුරවාගත් පන් වට්ටියක් රැගෙන ඇය කෝවිලට යන්නේ කීයක් හරි සොයාගැනීමට බව ඇය දිනක් මට කියා තිබුණා..

ශාරධාට පවුලෙන් ලැබුණ දෑතේ කර්මාන්තය වුණ මල්දම් ගෙතීම ඇගේ එකම ආර්ථික මාර්ගය වුවත් ඇය කිසි දිනෙක අසාධාරණ මුදල් ‌අයකිරීමක් නොකරන්නට තරම් යහපත් වුණා..එයත් මා සිත ඇය කෙරේ පැහැදෙන්නට හේතුවක් වුණා..

"සුභ උදෑසනක් රාකේෂ් මහත්තයා.."

උදෑසන නේවාසිකාගාරයේ පෝටිකෝවේ වාඩි වී පුවත්පතක් බලමින් හුන් මම පුවත්පත පසෙකින් තැබුවේ ඒ ඇසුණ ගැඹුරු කටහඬත් සමඟයි..

නේවාසිකාගාරයේ මුරකරු මදෙස බලා මෘදු ලෙස සිනාවෙමින් සිටියා..තැනින් තැන පැසුණ උඩු රැව්ලකින් යුතු ඔහුගේ රෞද්‍ර පෙනුම පසුපස රැඳුණ අහිංසක බව මම මේ වන විටත් වටහාගෙන සිටියා..

"සුභ උදෑසනක් කන්නා.."මම පුවත්පත ස්ටූලට මත තබා එළියට බැස්සෙ ඔහු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්ට තිබූ කැමැත්ත නිසායි..

"අද මහත්තයා නිවාඩුද?"ඔහු අසද්දි මම ඔළුව වැනුවා..

"මේ රජය අපේ ලේ උරා බොන රාක්ෂයො වගෙයි මහත්තයා..බලන්න දැන් බඩුමිල.."වෙනදා මෙන්ම කන්නා රජයට දෙස් දෙවොල් තියමින් කතාබහ ආරම්භ කරන්න වුණා..

කවදත් දේශපාලනය කෙරෙහි මගෙ වැඩි ඇල්මක් නොතිබුණත් කන්නාගෙ ප්‍රයත්නය වුණේ නිතරම පාහේ මා තුළ දේශපාලන සිතුවිලි ඇති කිරීමට වාගෙයි..

මම ඔහු කියන සියල්ලටම හිස සැලුවා මිසක් වැඩිදුර ඒ කතාව දික් ගැස්සීමට කටයුතු කළේ නෑ..

මද වෙලාවකින් අප සිටි ස්ථානයට තරමක් ඈතින් දැකගන්ට හැකිවූයේ මල් පුරවාගත් පන් වට්ටිය රැගෙන සුපුරුදු පරිදි මුව සරසාගත් සිනාවෙන් පැමිණෙන ශාරධායි..

ඇය සෙමෙන් පාද තබමින් විත් නේවාසිකාගරාය ඉදිරිපිට ගණදෙවි ප්‍රතිමාවට මල්දම් පුදන්නට වුණා..

මම ඇය දෙස බලා සිටියා..

ඇගේ සිහින් ඇඟිලි එකිනෙක පැටලී තිබූ මල්දම්වල බැමි ලෙහා දමන්ට පටන් ගත්තා..

"අනේ පවු අසරණ කෙල්ල.."කන්නාගේ මුවින් පිටවුනේ ඔහුත් ශාරධා දෙස බලා සිටින විටදියි..

"ඇයි??"

"ශාරධා හිත හොඳ කෙල්ල..ඒත් එ්කි මහ මූසල කෙල්ලෙක් රාකේෂ් මහත්තයා.."

මින් පෙර කිසිදාක නෑසු කතාවක් කන්නා කියද්දි මම ඔහුදෙස විසල්ව ගිය දෑසින් බලා සිටියා..

"කන්නා..මට ශාරධාගෙ කතාව කියන්න පුළුවන්ද??"මම ඇසුවා..

ඔහු මදෙස බලා හිස සැලුවේ මට පසෙක තිබූ බංකුවක් පෙන්වමින්..

මම කන්නා සමඟ ගොස් එතැනින් වාඩි වුණා..

ඔහු බර සුසුමක් හෙලුවේ දිගු කතාවකට මුල පුරමින්..

____________________

නිකමට ලිව්වේ...😐😐

Fanfiction වලට වැඩි කැමැත්තක් නැති අයටයි..හේටර්ස්ලාටයි..😌😌

දිග කතාවක් නම් නෙමෙයි..පොඩි කතාවක්..

අදහස් කියාගෙන යන්නෝ..😁😁

ශාරධා |Short Chapters [Completed]Donde viven las historias. Descúbrelo ahora