4 කොටස

132 37 4
                                    

මම ශාරධාගේ පසුපසින් ඇවිදගෙන ගියා..ඇය ගමන් කරන විටදී ඇගේ පයේ වූ පා සළඹ හඬ මට හොඳින් ඇසුණා..මදක් මලකඩ කා තිබුණු පා සළඹ නුහුරු හඬ මවමින් මාවත දිගේ ඇවිදින්නට වුණා..

ඇගේ අත අස්සේ වූ නෙළුම් මල් පොකුරේ රැඳී තිබූ පිනිබිඳු ඇය ඇවිදින තාලයට විසිවෙන්නෙ හැඩයක් ඇතුවයි..

අප දෙදෙනා ඇතුළු වුණේ කුඩා ගම්මානයකටයි..නිවේසිකාගාරයෙන් තරමක් ඈතට පැමිණි බව හැඟවුණේ නේවාසිකාගාර සීමාවෙන් එහාට පිහිටි මේ දුප්පත් ගම්මානය එදිනෙදා ඇස නොගැසෙන නිසාවෙනි..

"මේ තමයි අපේ පුංචි ගම.."ශාරධා එසේ පවසමින් මාවත දිගටම ඇවිදගෙන ගියා..

අප දෙදෙනාගෙම දෙපා නැවතුණේ විශාල විලක් අසලයි..

"ලස්සනයි.."මගේ මුවින් පිටවුණේ මුළු විලම වසාගෙන පිපී තිබූ රතු නෙළුම් මල් නෙත ගැටීමෙන්ද පසුවයි..

බිඟු කැලක් නෙළුම් මල් යාය වසාගෙන පැණි උරමින් සිටියා..

"වාඩිවෙන්න රාකේෂ් මහත්තයා..."ශාරධා කියා සිටියේ විල ඉවුර අසල තිබූ ගල් පර්වතයකින් කඩා ඉවත් කළ කොටසක් පෙන්වමින්..

මමත් ඇයත් දෙදෙනාම ඒ ගල උඩින් වාඩි වුණා..

ශාරධාගේ දෑස් යොමුව තිබුණේ විල දෙසටමයි..

"විල ගැඹුරු නැද්ද?"මම ඇසුවා..

ඇගේ බර සුසුමක් මගේ දෙකවන් වැටුණා..

"මේ විල හුඟාක් ගැඹුරුයි මහත්තයා..ඔරුවෙන් තමයි යන්ට ඕනෙ..සමහර වෙලාවට බය හිතෙනවා..ඒත්..බය ඉස්සරහට තිබ්බොත් අපිට එදා වේල කන්න බොන්නවත් නැති වෙනවා..ලෙඩ ඇඳේ ඉන්න අත්තම්මාට මොකද වෙන්නෙ?"

මට ඇය ගැන දුක සිතුණා..

"මොකක්ද අත්තම්මාගේ ලෙඩේ..?"

මම අසද්දී ශාරධා මගේ දෙස බැලුවා..

"එන්නකො මහත්තයා.."ඇය කුඩා පැල්පතක් දෙසට ඇවිදයමින් මා ඉදිරියෙන් ගමන් කළා..

පොල්අතු සෙවිලි කළ පැල්පත සීමාවට ඇතුළු වෙද්දී පැල්පතින් එළියේ තිබූ විශාල පන් වට්ටි වලින්ම මේ ශාරධාගේ නිවස යැයි හඳුනා ගන්නට අපහසු වුණේ නෑ..

ඇය මාව ගෙතුළට එක්කගෙන ගියා..ගෙතුළට යද්දීමට නෙත ගැටුණේ සරස්වතී දෙවියන්ගේ දුර්වර්ණ වී ගිය පිළිරුවකට මල් පහන් පුදා ඇති ආකාරයයි..

ඇය කාමරයක් අසලට ගොස් එහි තිර රෙද්ද මෑත් කළා...අමාරුවෙන් කෙඳිරි ගාමින් එහි එලූ පැදුරක් මත නිදා සිටියේ ඇගේ අත්තම්මා විය යුතුයි..මුළු කාමරයම බෙහෙත් සුවඳින් වැසී ගොස් තිබුණා..

ඇය වේදනාකාරි  සිනාවක් මුවගට නගාගෙන නැවත ගෙයින් එළියට පැමිණියා..මමද නිහඬව සිටියා..

"රාකේෂ් මහත්තයා දන්නවත් ඇතිනෙ මගෙ ජීවිතේට සිද්ධ වුණ දේවල්.."ඇය කුඩා හඬකින් අසද්දී මම යන්තමින් ඔළුව වැනුවා..

"මම මගේ ජීවිතේ ගොඩක් හීන දකින්නෙ නෑ මහත්තයා..මං වගේ මූසල කෙල්ලෙකුට එහෙම හීන දකින්න අයිතියකුත් නෑ..මගේ එකම හීනෙ ශාන්ති නිකේතනය..සරස්වතී මාතාවගේ ආශිර්වාදයෙන් සිතාරය වයන්න මං හරි ආසයි.."

ඇය නිල් අහස දෙස බලාගෙන මිමිණුවා..

ශාරධා..

ඒ නමේ තේරුමත් සරස්වතියම නොවේද..??

එකවාරයේම..මට හැඟුණේ..

මා ඉදිරිපිට සරස්වතී මාතාවගේ පුනර්භවයක් සිටිනවාක් මෙන්ය..

___________________________________

අවසාන කොටසින් හමුවෙමු..

ශාරධා |Short Chapters [Completed]Where stories live. Discover now