NO COMMENT
__________________________KTH POV
මගේ පපුවට තුරුලු වෙලා, මගේ උනුහුමට ගුලි වෙලා, පුංචි හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්නකොටමන් මෙයා හරි අහිංසක පාටයි.
ඔව්.. ජන්කුක් ඉදියෙ මගේ තුරුලේ හරි සනීපෙට නිදාගෙන.
එයාගේ ඔලුව තිබ්බෙ මගෙ එක අතක් උඩ. එතකොට එයාගෙ අත් දෙක තිබ්බෙ අපි දෙන්නගෙ මැද්දෙ උන්ඩි වෙලා. හීනි තොල් යාන්තමට ඈත් වෙලා... බෝල ඇස් වැහිලා.. මේ කොල්ලා මොන දිව්‍ය ලෝකෙන් බැහැලා ආවද මන්ද මන් ගාවට...
මගෙ පන..
කව්ද හිතුවෙ මං කොල්ලෙක්ට මේ තරම් ආදරේ කරන්න ගනී කියලා? හම්බවෙලා තාම මාස තුනක් විතයි. ඒත් මෙයා මගේ මුලු හිතම අයිති කරගෙන ඉවරයි. මගෙ දග බෝලේ...
මං ලාවට ජන්කුක්ගෙ නලල ඉම්බෙ එයාව නැගිට්ට වන්නෙ නැතුව. ඊටපස්සෙ මං ඉම්බෙ එයාගෙ තොල් දෙක. මං මගේ හිතේ හැටියට ඒ රෝස තොල් උඩ හාදු තිබ්බා.
එයා දන්නවා නම් මං හැමදාම උදේට එලාම් එකක් තියලා නැගිටලා එයාව ඉබිනවා කියලා, එයා මාව උල තියනවා. මං දන්නවනේ මයෙ කොල්ලා ගැන.
ජන්කුක්ගෙ මූන ඉබ ඉබ ඉදිය මම ඉකමනට ඇස් දෙක පියා ගත්තෙ, එයා නින්දෙන් දගලපු නිසා. මගේ රෝස පොහොට්ටුව නැගිටින්නද කොහෙද හදන්නේ..
"ම්ම්ම් ආ!!"
ජන්කුක් ඇනුමක් අරිනව ඇහුනමනම් මට තව පොඩ්ඩෙන් හිනාත් යනවා. අනිවාරෙන් දැන් එයා එයාගෙ කට වෙනුවට නහය වහගෙන ඇත්තෙ. කොහෙන් ඉගෙන ගෙනද මන්ද ඈනුමක් යනකොට නහය වහගන්න.
මාව එක පාරටම ගල් උනේ, එයාගෙ සිනිදු ඇගිලි තුඩු මගේ මූනෙ රටා මවන්න ගත්තම. එයාගෙ හීනි ඇගිලි මගේ මූන පුරාම ගිහින් මගෙ තොල් උඩ නතර උනා. මට හිතුනෙම ඒ ඇගිල්ල ලාවට හපන්න..
YOU ARE READING
My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》
Fanfictionජන්කුක් කියන්නෙ දග බෝලයක්.. කාටවත් බය නැති, විසේ පොවපු, පිස්සු කොල්ලොක්.. තේහියුන්ග් කියන්නෙ හය දෙනෙක් විතරක් ඉන්න පාතාල කල්ලියක නායකයෙක්.. තේහියුන්ග් ජන්කුක්ව කිඩ්නැප් කරොත් මොනා වෙයිද?