Chapter 14.

3.5K 600 106
                                    

HAHA HAHA HAHA HA___________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

HAHA HAHA HAHA HA
___________________________________

NO ONE POV

සති තුනක්..

ජන්කුක් btsලව දාලා ගිහිල්ලා හරියටම සති තුනක් වෙනවා..

ජන්කුක් ගිය දවසේ, තේහියුන්ග් විතරක් නෙමේ.. අනිත් අයියලා පස් දෙනත් ඇඩුවා. ජන්කුක් එයලාගෙ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. එයාලටත් හොරෙන් ඒ විසේකාරයා එයාලාගෙ හිත වල කෑල්ලක් හොරකම් කරලා.

ජන්කුක් එයාලගෙ ගෙදරින් ගියත් හරි මුලු ගෙදරම මූසල පාටයි. හරියට කනත්තක් වගේ. වෙනදට හැම තැනින්ම ඇහෙන ඒ හිනාව, නැවතිල්ලක් නැති කචකචේ, තාලයක් නැති සිංදු.. මේ දේවල් නැතුව ගේම පාලුවට ගිහිල්ලා.

පාතාලෙ කොල්ලො හය දෙනාට හයියෙන් කතා කරන්නවත් හිතක්  තිබ්බෙ නෑ.

එහෙන් තේහියුන්ග් පිස්සු නටනවා. අඩනවා විතරක් නෙමේ කාමරේ ඇතුලට වෙලා බේබද්දෙක් වගේ බොනවා. එයා අයියලාත් එක්ක කතා කරේවත් නෑ. ඔහේ බලාගත්ත අත බලාගෙන ඉන්නවා..

"දැන්වත් ඔය විකාරෙ නව්ත්තනවා තේ! තමුසෙට පොඩ්ඩක්වත් ආදරේ නොකරපු කොල්ලෙක් වෙනුවෙන් මොකටද මැරෙන්න හදන්න?" යුන්ගි කෑ ගැහුවෙ තේහියුන්ග් සාලෙට එනවා දැකලා. එයා හරියට මල මිනියක් වගේ.

යුන්ගි හිටියෙ ජන්කුක් එක්ක පුදුම තරම් කේන්තියකින්. ඒත් අනිත් අය දැනගෙන ඉදියා ඒ කේන්තියට හේතුව එයා ජන්කුක්ට එයාගෙම මල්ලි කෙනෙක්ට වගේ ආදරේ කරපු එක කියලා.

"ඒත් මං එයාට ආදරෙයිනේ හියුන්ග්." තේහියුන්ග් කිව්වෙ අඩන්න ඔන්න මෙන්න වගේ.

එයලා ඔක්කොම ඉදියෙ සාලෙ තැන් තැන් වල වාඩි වෙලා. ඒත් ඉස්සර වගේ එයාලා කෑ ගගහ දැගලුවෙනම් නෑ.. ජන්කුක් එයාලගෙ හිත් හොදටම කඩලා දාලා...

My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》Where stories live. Discover now