😎Author pov😎
Ji-eun ට දන්නෙ නැති නුම්බරේකින් තමා මැසේජ් එක ඇවිත් තිබ්බේ. ඒ මැසේජ් එකේ තිබ්බේ...Hi ඒන්ජල්...!!! කලබල වෙන්න එපා.. අපි ඉක්මනට හම්බෙමුකො 😘
ඒත් කෙල්ල ඒක ගණන් ගන්නෙ නැතුව, එයාගේ වැඩ ටික කරන් ගියා...
.
.
කෙල්ලෝ දෙන්න හිනා වෙවී තමන්ගේ office table එක ළඟට එද්දී එයාලගේ ඉස්සරහට Yura එනවා. Yura ව දැක්ක වෙලේ ඉඳන් දෙන්නා හිනාව නවත්තගන්න බැරුව හිනා වෙනවා. 😂(මං Yura ට 👹 emoji එක use කරනවා ළමයි. කොහොමත් හොල්මනක් වගේ නේ 😂)
👹 මොකෝ දෙන්න මෙච්චර හිනා වෙන්නේ. මෙතන කෝලන් මඩුවක් කියලා හිතුව ද?? හිනා වෙනවකෝ ඉතින් ඕන තරම්... වැඩිකල් ඔහොම හිනා වෙවී ඉන්න වෙන්නැ නේ.... ඉස්සරහට අඩන්න නේ ඉන්නේ. ඉතින් දැන් සතුටින් ඉන්නකෝ.😏 අනේ මන්ද බොස්ට මේ දෙන්නගේ මොන හොඳක් පේනවද කියලා....දෙන්න උදේට ලාෆ් ගෑස් ගහල ද ආවේ...??? මොකෝ හිනා වෙන්නේ...!!!!???
🌹Ji-eun pov🌹
මායි හේරයි කතා කර කර ඉද්දි කොහෙන්ද ඉඳන් එතනට Yura අවා... අම්මෝ එයාගේ මූණ දැක්කම මටයි හේරටයි හිනාව නවත්තගන්න බැරි උනා... වෙනදට මෝහිනී වගේ උනාට අදනම් joker කෙනෙක් වගේ.🤡😅 Yura කියපු කිසි දෙයක් මායි හේරයි ඇහුවේ නැ. අහන්නේ කොහෙද ඉතින් අපි දෙන්න මේ හිනාව නවත්ත ගන්න බැරුව නේ ඉන්නේ. මං මුකුත් කියන්නේ නැතුව මගේ handbag එකේ තිබ්බ මගේ චූටි කන්නාඩියෙන් Yura ට එයාගේ මුණ පෙන්නුවා. අනේ අම්මේ ඒ පාරනම් මුණ තවත් ලස්සනයි.😂👹Yura pov👹
මොකද්ද දෙයියනේ මගේ මුණට වෙලා තියෙන්නේ?? ඒක තමා එහෙනම් මග දිගට මිනිස්සු මං දිහා හැරි හැරී බල බල හිනා උනේ.... දැන්නෙ තේරුනේ වෙලා තියෙන දේ... අර bus එකේ හිටපු නසරාණි😌 කොල්ලෝ ටික තමා sure එකට මේ වැඩේ කරලා ඇත්තේ... ශික් නින්ද ගියපු ටිකට මගේ handbag එකත් ඇදලා.👹 පස්සේ බලා ගන්නන්කො ඔයා දෙන්න ගැන😤
😎Author pov😎
එහෙම කියලා Yura එතනින් ගස්ස ගෙන යන්න ගියා. ගස්සපු ගැස්සිලට කැලි හැලුන ද කියලා සාදාරණ සැකයක් තියෙනවා.😂
.
.
.
.
.
එදා දවසේ එහෙම කාලේ ගෙවිල යද්දි ඔන්න කෑම වෙලාවත් ආව. මේ දෙන්න මොනා නැතත් කරන්න දන්න හොඳම දේ කන එක. එවෙලෙට ආයේ ලෝකේ විනාස වෙන්න යනව කිව්වත් දෙන්න කාලාම තමා පුටුවෙන් නැගිටින්නේ... 🍜🍝🍱
⏳️Time skip- At office⏳️
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දැන්නම් වැඩ ඉවර වෙන වෙලාවත් ලං වෙලා... යාලුවෝ දෙන්න ගෙදර යන්න හරි හරියට බඩු අස් කරනවා.... හරියට ඉස්කෝලේ ළමයි ගෙදර දුවන්න bell එක ගහපු ගමන් බඩු bag වලට දාගන්නවා වගේ...මේක බලන් හිටපු කෙනෙක්ට තනියම හිනා යනවා..ඔයාලා හිතන්නේ ඒ කව්රු කියලා ද reader බබාලා???
⏳️Time skip - At night⏳️
🌹Ji-eun pov🌹
මට ගෙදර ආපු වෙලේ ඉඳන් මතක් වෙන්නේ අර උදේ හැප්පුන ගෝනි බිල්ලව... අනේ මන්ද කලින් office යන්න පරක්කු කරා දැන් නිදහසේ නිදාගන්න දෙන්නෙත් නැ 😑😎Author pov😎
ඒත් මේ වෙලාවේ මෙහෙම හැසිරෙන්නේ Ji-eun විතරක් නෙවෙයි... තව කෙනෙක් ඉන්නවා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඉතින් ඔයාලා හිතන්නේ ඒ කව්රු කියලා ද??Ji-eun ඇයි එච්චර එයා ගැන හිතනවා ඇත්තේ????
ඇයි ඒ කියපු කෙනා එහෙම ඉන්නවා ඇත්තේ... එයා මොනාද හිතනවා ඇත්තේ??
To be continued..
Plz vote & comment😘❤
YOU ARE READING
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)
Fanfictionඔ-ඔයා...??? එතකොට ඒ ඔයා ද?? ඒත් එහෙම වෙන්නෙ කොහොමද...?? . . ලෝකයම අඳුනන සමාගමක හිමි කරුවෙක්. ඒ වගේම වෙනත් නමකින් හඳුන්වන වෛරයෙන් පිරි දරුණු මාෆියා නායකයෙක්.. දුප්පත් කියල ලෝකෙට පෙන්නන් රහස් ගොඩක් අස්සේ ජිවත් වෙන දඟකාර පිස්සු කෙල්ලෙක්.. ආදරේට පුළුව...