🌹Ji-eun pov🌹
මං එහෙම හිතන් කුකීගෙ එහා පැත්තෙන් වාඩි වෙන්න යද්දිම හේරා කොහෙදෝ ඉඳන් ගාල කඩා ගත්ත හරකෙක් වගේ දුවන් ඇවිත්, මාවත් තල්ලු කරලා කුකියගේ එහා පැත්තෙන් ඉඳගත්තා.. ඔන්න කරේ වැඩක්... මේක ෂුවර් එකටම මෙයා හිතලම තමා කරේ. එතකොට මට පිටිපස්සෙ ඉඳගන්න වෙනවනේ...😫
🐹Jieun-ahh මොනාද ඔච්චර කල්පනා කරන්නේ... යන්නෙ නැද්ද?? නගින්න ඉක්මනට.
🌹හහ්??!! අ-ම...මේ..නගිනවා...
අයියෝ නගිනවා කිව්වට කොහෙට නගින්න ද..?? මං හිත හදන් චිම් ළඟ යන්නෙ කොහොමද?? මං නිසයි එයාට එහෙම උනේ.. අනික එයාට දැන් මාව මතකත් නෑ..😔 එක්කෝ මං පයින්ම යනවා අප්ප...😫
🌹අහ්හ් මේ ඔප්පේ.. මට පොඩි වැඩක් කරගන්න තියෙනවා.. ඔයාලා යන්න. මං වැඩේ කරගෙනම ගෙදර යන්නම්..😊
🌼අනේ මෙහෙ එනවා යන්න.. යන ගමන් ඔයාට යන්න ඕනෙ තැනට ජින් ඔප්පා ඔයාව හලන් යයි..😂
හේරා එහෙම කියල මාව වාහනේ ඇතුලට ඇදල ගත්ත.
🌹"මේ උඹ මොනාද කරන්න යන්නෙ කියලා මං දන්නවා.. ඇත්තටම තමුසේ මගේ හොඳම යාළුවා ද නැත්තම් ආත්ම ගත හතුරා ද කියනවකො. ඇයි මේ වගේ වැඩ කරන්නේ.. ඊරි.. මෙයාලා නැති තැනකට යමන්කෝ පස්සේ අල්ලගන්නම්..!!!"😑 බය වෙන්න එපා මං ඒක සිංහලෙන් කිව්වෙ.. 😂මෙතන සිංහල තේරෙන කෙනෙක්ට ඉන්නේ එයා විතර නෙ වෙලාවට..😌
මං එහෙම කියනවත් එක්කම හේරා මාව පිටිපස්සට තල්ලු කරා..මං බොරු ද කිව්වෙ, මෙයා මගේ යාලුවෙක් නෙවෙයි ආත්ම ගත හතුරෙක්..පතාගෙන ඇවිත් මාත් ගොනෙක් වගේ ඔතාගෙන කාපු හතුරෙක්..
කොහේහරි වැදිලා බෙල්ල කඩාගන්න බලාපොරොත්තුවෙන් මං ඇස් දෙක තදින් වහගත්ත.. ඒත් මං වැටුනට මට ඒක රිදුනේ නෑ.. මේ වාහනේ ශීට් මාර රස්නෙයි නේ.. ඒක නිකන් හරියට මිනිස්සු ළඟ තියෙන රස්නේ වගේ.. මං නම් ලෝක විනාසේ වෙනවා කිව්වත් මෙතනින් නැගිටින්නේ නෑ. සනීපෙට නිදාගන්න පුළුවන් මෙතන..
YOU ARE READING
•°♡ 𝕋𝕙𝕖 𝕊𝕖𝕔𝕣𝕖𝕥 𝕀𝕕𝕖𝕟𝕥𝕚𝕥𝕪 𝕃𝕠𝕧𝕖 ♡°• (Completed)
Fanfictionඔ-ඔයා...??? එතකොට ඒ ඔයා ද?? ඒත් එහෙම වෙන්නෙ කොහොමද...?? . . ලෝකයම අඳුනන සමාගමක හිමි කරුවෙක්. ඒ වගේම වෙනත් නමකින් හඳුන්වන වෛරයෙන් පිරි දරුණු මාෆියා නායකයෙක්.. දුප්පත් කියල ලෝකෙට පෙන්නන් රහස් ගොඩක් අස්සේ ජිවත් වෙන දඟකාර පිස්සු කෙල්ලෙක්.. ආදරේට පුළුව...