පෙර කොටසින් 👇
ජාන්ට තේරුනා බෝ ප්‍රශ්නෙක කියලා. Taxi එකක් අරං ගිහින් බෝව කොහේ හෙව්වත් ජාන්ට හොයාගන්න බැරි වුනා.💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
රෑ 10.00 ත් පහුවෙලා ඒත් බෝ තාම ගෙදර ආවෙ නැ. Phone එකත් off, මං චෙන්ලට කිව්වත් එයාලටත් බෝ ඉන්න තැනක් හොයාගන්න බැරි වුනා. අනිත් එක එලියටවත් බහින්න බැරි තරමට වැස්ස.
⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈⛈
11.00 විතර වෙනකන් දොර ලඟට වෙලා බලාගෙන ඉඳලා ගෙට ආවෙ අකුණු සැර වැඩි නිසා. මට දැනුනෙ ලොකු බයක් මේ වෙලාවෙ කොහේ ඉන්නවා ඇතිද කියලා හිතුනා. මොකද එයා මේ තරම් දරුණු විදියට අකුණු ගහනවට ගොඩක් බයයි. මං වාඩිවෙලා බලාගෙන හිටියෙ දැන්වත් call එකක් දෙයි කියලා. ඒත් නැ..... ඊටපස්සෙ ටිකකින් මට දන්නෙම නැතුව සෝෆා එකේම නින්ද ගිහින්, මාව ගැස්සිලා ඇහැරුනේ බයික් එකේ සද්දෙට දෙයියනේ වෙලාව 12.00 යි. මං දුවලා ගිහින් දොර අරිනකොට බෝ වතුර බේරි බේරි දොර ලඟ හොඳටම තෙමිලා. පණත් නැ වගේ වැටෙන්න ගිය නිසා මං ඉක්මනට අල්ලගත්තා. එයාව මගේ ඇඟට වාරු කරගෙන සෝෆා එකෙන් වාඩි කරවලා ජැකට් එක, සපත්තු,හෙල්මට් එක ගලවලා අයින් කරා. එයාගෙ අත් සීතලම සීතලයි සුදු මැලි වෙලා, මට තේරුනා බීලා ඉන්නෙ කියාලා එයා ලඟින් ආපු සැර ගඳ නිසා. මට මොකද වුනේ කියලා දැනගන්න ඕන වුනත් එයා හිටියෙ හොඳ සිහියක නෙමෙයි. මං ඉක්මනට එයාව room එකට එක්ක ගිහින් ඔලුව පිහිදලා, ඇඳුම් මාරු කරා. සීතල නිසා hiters on කරලා බෝව නිදි කරවලා, බ්ලැන්කට් එක පෙරවලා මං පහලට දිව්වෙ උණු වතුර එකක් අරං එන්න, මං වතුර එක අරං එන ටිකට බෝව වෙව්ලනවා අයිස් කැටයක් වගේ, බලනකොට අත් දෙකෙයි කකුල් දෙකෙයි ඇඟිලි දම් පාට වෙලා. වෙව්ලන එක නවතින්නෙම නැ උණු වතුර පෙව්වත් හරි ගියේ නැ, අත් පිරි මැද්දා ඒත් හරියන පාටක් නැ මට හිතාගන්න බැ මොනවා කරන්නද කියලා. මේ මහා රෑ doctors ලා හොයන්නත් බැ. පස්සෙ මං කරේ දෙපාරක් නොහිතා මාත් බ්ලැන්කට් එක අස්සට ගිහින් එයාව මගේ පපුවට තද කරගත්ත එක, ඒ උණුසුම හොයාගෙන එයත් මට තුරුල් වුනා. මං කරේ එයාගෙ අත්දෙක අරගෙන මගෙ පපුව අස්සෙ ගහගෙන එයාව තවත් තද කරලා තුරුල් කර ගත්තා. ඒත් ගොඩක් වෙලා යනකන් සීතල අඩු වුනේ නැ..... මං එයාව තදින් බඳාගෙන උණුසුම් කරා. වෙව්ලිල්ලත් එක්ක ඇස්වලින් කඳුලු බේරෙන ගමන් එයා මිමිනුවෙ මමා මමා කියලා. මට තේරුනා ඩැඩත් එක්ක ආයි රණ්ඩුවෙන්න ඇති කියලා. මගෙ ඇස් වලටත් කඳුලු ආවෙ එයාගෙ වේදනාව මට දැනෙන නිසා. මං එයාව තුරුල් කරගෙන එයත් එක්ක කතා කරා ඒත් එයා අවසියෙන්,
YOU ARE READING
මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]
Fanfictionහදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමි.....🎼🎶 සසර පුරා මගෙයි ඔයා..... 🎼🎶 Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizhanff - 2021/12/10 1 #yizhanff - 2021/12/13 3 #yizhanff - 2022/09/24