පෙර කොටසින් 👇
ඒත් මාර මනුස්සයෙක්නෙ එයාගෙ ගෙදරට කෙනෙක් ආවම කතා කරන්නෙවත් නැද්ද, ඒ වෙලාවෙන් පස්සෙ දැක්කෙත් නැ, මං එහෙම හිත හිත ටවල් එකත් ඇඳගෙන ගියේ bathroom එකට wash එකක් දාගන්න, ඒ එක්කම මාව ගැස්සුනෙ ඇහිච්ච සද්දෙට.♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️♀️
වර්තමානය ➰
දැන් මං ගෙදර යන්න ඕන, හොඳටම රෑ වෙලා ෆ්රැන්ක් මාව හොයනවත් ඇති. ඔයාලත් එනවද මාත් එක්ක යන්න. මගේ කතාවෙ ඉතුරු ටික අහන්න ආසනන් එන්න මාත් එක්ක මාත් කැමති ඔයාලා ඒක අහගෙන ඉන්නවට, මේ තමයි අපේ ගෙදර ඔව් මේ ඒ ගෙදර තමයි.
මං China වල ඉඳලා ආපු පලවෙනි දවසෙම ආපු ගෙදර, ඇස් ගැටගහගෙන දුවගෙන ආපු කොල්ලෙක් මගේ ඇඟ උඩ වැටුනෙ, ඔව් මේ ඒ ගෙදරම තමයි. මගේ ජීවිත කතාවෙ ලස්සනම මතක තියෙන්නෙ මෙතන, ඒ මතක වලින් මගේ හිත කොච්චර පෑරුනත්, ලොකු වේදනාවක් හිතට දැනුනත්, මට ඒ මතක දාලා යන්න කිසිම ආසාවක් නැ, මට ලෝබයි. ඒ නිසා තමයි අවුරුදක් තිස්සෙ ඉඳන් මං මේ දුක තනියම දරාගෙන මේ ගෙදරම ජීවත් වෙන්නෙ, මොකද එතකොට මට දැනෙනවා එයා මං ලඟින් ඉන්නවා වගේ, එයාගෙ කටහඬ,එයාගෙ හිනාව, එයාගෙ සුවඳ හැමදේම මේ ගෙදර හැමතැනම රැඳිලා තියෙනවා. ඒක මට දැනෙනවා. මේ ගෙදර තරන් අපේ ආදර කතාවෙ ලස්සන දන්න වෙන කවුරුත් නැ. මං ඒ ටික හිතන ගමන් ආවෙ අපේ room එකට, wash එකක් දාගෙන ඇඳට ආපු මට ආවෙ ෆ්රැන්ක්ගෙන් call එකක්, ඔහු තමයි හැම මොහොතකම මං ගැන හොයලා බලන්නෙ, දැන් මට මගේ ඩැඩාවත් කතා කරන්නැ, මමා විතරයි කතා කරන්නෙ, ඒත් ඩැඩාට හොරෙන් , ඩැඩා මාව දරුකමිනුත් අයින් කරලා කියලා මාත් එක්ක කිය කිය මමා කොච්චරනම් අඬලා ඇතිද. හැබැයි මමා මාව අතාරින්නැ, එයා මට හැමවෙලේම කිව්වෙ එහෙ එන්න කියලා. ඒත් මට ඕන වුනේ මෙහෙට වෙලා තනියෙම ඉන්නයි. ෆ්රැන්ක්ගෙ call එක cut කරලා. මං හිතුවෙ මේ room එක ඉස්සර කොච්චර ලස්සනද කියලා. මේක තමා අපි දෙන්නගෙම room එක අපි ආදරේ කරපු හැටි ඇඳට වෙලා මතක් කර කර අඬ අඬ ඉඳලා තමයි මට හැමදාම නින්ද යන්නෙ. දැන් එයාට මාව මතකත් නැතුව ඇති නේද, එහෙම වෙන්න ඇති කමන්නැ එයා සතුටින් ඉන්වනන් මට ඒ ඇති. නැවතත් මගේ සිත දිවගියේ අතීතයට,
YOU ARE READING
මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]
Fanfictionහදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමි.....🎼🎶 සසර පුරා මගෙයි ඔයා..... 🎼🎶 Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizhanff - 2021/12/10 1 #yizhanff - 2021/12/13 3 #yizhanff - 2022/09/24