පෙර කොටසින් 👇
"බෙහෙත් පෙත්තක් අරකෙන් අරන් බොන්න පිස්සෝ....😂😂😂😂"එහෙම කියලා තත්පරයක්වත් නොයිද හිනාවෙවීම දිව්වා. ඒත් එක්කම බෝ,
🦁: ආශ්.... තමුසෙගෙ කට දැන් ඕනවාට වැඩියි....😤
💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
ඔය විදියට දවස් ගෙවිලා ගිහින් 2nd year එක ඉවරවෙලා පටන් ගත්තෙ, 3rd year එක. නිවාඩු දවසක චෙන්ගෙයි මමයි පපයිත් එනවා කියපු නිසා ඩීන් මෙයාලා හැමෝටම කිව්වේ එහෙ එන්න කියලා. චෙනුයි, ශූයි දෙන්නා මාමාවයි, පපාවයි Airport එකෙන් එක්කගෙන ඩීන්ගෙ ගෙදරට ඇවිත් කට්ටියම බලාගෙන හිටියෙ ඉතුරු අය එනකම් ඔන්න ඒ කට්ටියත් ඇවිල්ලා බයික් වලින් බැහැලා මුලින්ම ඇතුලට ගියේ බනී. ඊට පස්සේ බෝ බෝට පස්සෙන් තමා යාඕ හිටියේ. එකපාරට යාඕ ගෙට තිබ්බ අඩිය තිබ්බාටත් වඩා හයියෙන් පස්සට ගත්තෙ දැකපු දෙයින්. බෝයි, බනිත් එතනම නැවතුනෙ යාඕට මොකද වුනේ කියලා හිතන ගමන්
යාඕ: ඒහ්..... මේ මොනවද මං දකින්නේ අපේ මමයි, ඩැඩයි මෙහෙ මොනවද කරන්නේ.....
ඒත් එක්කම ශූ ඇවිල්ලා යාඕව අතින් ඇදලා ගෙට ගත්තා.
ශූ: ආ මෙන්න සර් මූ පැනලා යන්න හදනවා....
යාඕගෙ මමයි,ඩැඩාටයි හිනා. ඒ අතරේ අනිත් අයටත් හිනා එතකොට තමයි යාඕ දැක්කේ කුවාන් හිනාවෙවී පුටුවක වාඩි වෙලා ඉන්නවා. එතනම චීයිත් හිටියා ඒ වගේම එයාලගෙ මමාත් එතන හිටියා.
ඩීන්: හරි හරි කොල්ලො ටික සේරම වාඩිවෙන්න මෙහෙ ඇවිත් ආ කෙල්ලක් එන්න ඉතින්
හැමෝම හොර පූසෝ ටික වගේ ඇවිල්ලා වාඩි උනා. චෙන්, යාඕ වාඩි වුනේ එකලඟ දෙපැත්තෙ හිටියේ හුවයි, ශූයි එහා පැත්තෙ සෝෆා එකේ බෝ,බනී,මියෑ,බින් ඔය විදියට. ඒ එක්කම සර්වන්ට් කෙනෙක් ඇවිල්ලා මෙයාලට cool drinks වගයක් පිළිගැනුවා.
හරි හැමෝමත් ආවානෙ, අපි දැන් කතාවට එමු
එහෙම කියලා ඩීන් කතා කරන්න පටන් ගත්තා
"චෙන් පුතා, යාඕ පුතා ඔය දෙන්නටයි මේ කියන්නේ අද මේ ඔයාලා දෙන්නගෙම අම්මලා, තාත්තලා ඇවිල්ලා ඉන්නේ ඔයාලගේ ජීවිතේ වැදගත් දෙයක් ගැන කතා කරගන්න. ඔය ළමයි තාම පොඩි තමයි. ඒත් අපි මේවා දැම්ම කතා කරගෙන නිරවුල් කරගන්න එක හොඳයි. චෙන් පුතා ඔයා කැමතිද මගේ දුව marry කරන්න. ඔයාගේ දෙමවුපියන්ගේ අකමැත්තක් නෑ....."
YOU ARE READING
මගේ කතාවේ පණයි ඔයා 🥀💔📖🎶⚡[ Yizhan ff Completed ]
Fanfictionහදින්ම දිවුරමි ලෙයින් ලියා දෙමි.....🎼🎶 සසර පුරා මගෙයි ඔයා..... 🎼🎶 Begin: 26 September 2021 End: 04 December 2021 Most Impressive Ranking 8 #yizhanff - 2021/12/10 1 #yizhanff - 2021/12/13 3 #yizhanff - 2022/09/24