Chapter 1

258 56 27
                                    

හිම..

මගේ ජීවිතේ මන් වැඩියෙන්ම ආදරේ කරන දේ..

ඒ වගේම වෛර කරන දේ..

ගොඩක් දෙනෙක් කියන විදිහට හිම පියල්ලක් කියන්නේ දෙවියෝ මවපු දුර්වලම නිර්මාණයක්.. කොයි තරම් ආකර්ශනීය වුනත්, ඒක නැතිවෙලා යන්න යන්නේ එක තප්පරයයි..

ඒත් වෙලාවකට..

හිම කියන දේ ඕනිවටත් වඩා ශක්තිමත් දෙයක්..

මගේ ජීවිතයත් හරියට ඒ වගේ දෙයක්..

වෙලාවකට ශක්තිමත් වුනු, තවත් වෙලාවකට දුර්වල වුනු දෙයක්..

මේ ගත වෙන්නෙත් මන් මගේ ජීවිතේ කාලයක් වැඩියෙන්ම ආස කරපු කාලේ වගේම දැන් වෙද්දි වැඩියෙන්ම වෛර කරන කාලේ..

ඔව්.. අදත් හිමවැටෙන්න පටන් අරන්.. මුලු පරිසරයෙම තිබුනේ වචනෙකින් කියාගන්න බැරිතරමේ සීතලක්.. තැන් තැන්වල තියෙන්නේ පොලොව වෙලාගත්තු හිම..

වෙනදට එහෙ මෙහෙ දුවන මිනිස්සුන්ව මන් අද දකින්නේ ගොඩක් කලාතුරකින්.. ඒ දැක්කත් එයාලා හැම කෙනෙක්ම ඉන්නේ සීතලට ඔරොත්‍තු දෙන ඇදුම් ඇදගෙන..

දකින වෙනත් අය හිතනවා ඇති මන් පිස්සෙක් කියලා..

මොකද මම හිටියෙ කොයිතරම් දරාගන්න බැරි සීතලක් තිබුනත් එකම ඝනකම කබායක්වත් නොදා..

මේ සීතලට අත පය ගැහෙනවට වඩා වේගෙන් ගැහෙන්නේ මගේ හදවත.. ඒක හරිම නොසන්සුන්..

කිසිම වෙලාවක..

මටනම් ඇහිලා නෑ මගේ හදවත තාලෙකට ගැහෙනවා කියලානම්..

මොන තාලෙට ගැහුනත් මන් බලාගෙන ඉන්නේ ඒ ගැහිල්ල නතර වෙනකන්..

හැමෝම වගේ ඒදේට අකමැති වුනත් මන් ගෙවන හැම තප්පරේකම හිතන්නේ ඉක්මනට මට යන්න ලැබෙන්න කියලා..

හිම වලට වගේම මන්..

හදවත ගැහෙනවටත් වෛර කරනවා..

හදවත ගැහෙනවා ඇහිලා කොයිතරම් මිනිස්සු සතුටු වුනත් මම සදාකල් දුක්වෙනවා ඒ ගැන..

Park Sunghoon..

මෙච්චරවෙලා කතාකරපු, හැම දේකටම වගේ වෛර කරන මගේ නම ඒක.. Sunghoon.. මොන දේට වෛර කලත් .. හේතුවක් ඇතුව මම කැමතී මගේ නමට..

Dark Winter : PSH [ COMPLETED ]Where stories live. Discover now