Chapter 4

84 42 33
                                    

_After one week_

 සතියක්ම කොලේජ් යන්න අදිමදි කලා මම.. ජේක්ගේ නෝට් ඉල්ලගත්තා මිස කොලේජ් එකට යන්න ඕනි වුනේ නෑ මට.. පස්සේ heeseung හියුන්ගේ බල කිරීමට මන් කොලේජ් යන්න තීරනේ කලා. හැමදාමත් මට මෙහෙම ගෙදරට වෙලා ඉන්න බැනේ..

ඒ නොගිය කාලේ සූත් කොලේජ් ඈවිත් නොතිබුනු එක මට ලොකු ප්‍රශ්නයක්..

අද කොලේජ් එකට යන අතරෙ මට හිතුනෙ එයා අද ඒවි කියලා.. 

සූ ඉන්නේ අපේ ක්ලාස් එකේම නිසා මන් ක්ලාස් එකට වෙලා මේසෙට ඔලුව තියන් බලාහිටියේ එයා එනකන්..

අදත් අර කොල්ලා එක්කම එයිද?

වෙලාවකට මගේ හිත මගෙන්ම අහනවා මේ ගැන.. ආවට කමක් නෑ සූ.. මට තහනම් කරන්න බෑනේ ඒ boy එක්ක ඔයාට එන්න එපා කියලා.. අනිත් එක.. ,

ඔයාට නීතී දාන්න තරම් මන් ඔයාගේ කවුද?

පලවෙනි කාලච්ඡේදයත් ගෙවිලා ගිහින්.. අදත් එයා කොලේජ් එන්නේ නැතිපාටයි.. ඉස්සර ඉගෙන ගන්න කොයිතරම් ආසද ඔයා?! ඇයි දැන් මෙහෙම ඉගෙනීම මගාරින්නේ?

කොල පාට ග්‍රීන් බෝඩ් ඉස්සරහා මොනාදෝ කුරුටු ගගහා එන එන ගුරුවරයා ඉගන්නුවත් මගේ අවදානෙනම් කොයිමවෙලේකවත් තිබුනේ නෑ ඒ පැත්තට.. මේසෙට ඔලුව ගහගෙන ඉන්න හින්දම මිස්ලා දෙතුන් දෙනෙක්ම මගෙන් එක එක ප්‍රශ්නත් ඇහුවා.. නිවාඩුවක් හම්බවෙන දවසට ගෙදරදි පාඩම් කරලා එන නිසා පාඩම් වල තැන් තැන් වලින් පුලුවන් වුනු හින්දම මිස්ලා අහන ප්‍රශ්නවලට උත්තරයක් දීලා කොහොම හරි බේරෙන්න මට පුලුවන් වුනා..

අනිත් ළමයි වෙන වෙන ප්‍රශ්න පත්‍රවලට උත්තර හොයද්දි මන් හෙව්වේ මන් මගෙන්ම අහගන්න ප්‍රශ්නවලට උත්තර..

_

_

_

පැය කිහිපයකින් කොලේජ් එකේ බෙල් එක නාද වෙනවත් එක්කම පුටුවල වාඩිවෙලා ඉදපු ළමයි ඩෙස් පුටු පෙරලන් දුවන්නේ ගෙදර යන්න තියෙන හදිසිකමට.. මාත් වෙනදට ඒ විදිහ තමයි.. ළගකදි ඉදන් වටේ පිටේ ඉන්න එවුන්ට පේනවා ඇත්තේ මන් ඇවිදින මලමිනියක් වගේ වෙන්න ඇති..

පුටුවේ එල්ලලා තිබුනු බෑග්එක එක කරකට දාගත්තු මම සාක්කු දෙකටත් අත්දෙක ඔබාගෙන බිම බලන් කොරිඩෝව දිගේ ඉස්සරහට ආවේ යාලුවෝ ටිකව හම්බවෙන්න..

Dark Winter : PSH [ COMPLETED ]Where stories live. Discover now