Last Chapter

107 44 50
                                    

කදුලු වැල් එක දිගට මගේ කම්මුල දිගේ පහලට කඩාගෙන වැටෙද්දි යන්තමින් මට පෙනුනේ හැමවෙලේම මන් දකින්න ආසාවෙන් බලන් ඉදපු ඒ රුව..

ඇස් දෙකත් පියාගෙන එයා හිටියේ ගැඹුරු නින්දකට වැටිලා වගේ..

"යාහ් යුන්සූ! ඉක්මනට නැගිටිනවා මට බඩගිනී දැන්! "

එයාව මන් මගේ උපරිම ශක්තියෙන් හොලවන ගමන් කෑ ගහලා කිව්වත් එයා පරඩැල වගේ හෙලවුනා මිස ඇස් දෙක ඇරියේ නෑ නිකමටවත්.. වෙනදට මට බඩගිනී කිව්වොත් මොන වැඩේ තිබ්බත් ඔයා මන් ගාවට දුවගෙන එනවා නේද ආහ්? ඇයි දැන් මේ..? ඇයි ඔහොම නිදි...

" ඉක්මනට නැගිටිනවකෝ පිස්සියේ.! "

පිස්සු ඔයාට නෙවෙයි මටද කොහේ.. කොයි තරම් බෙරිහන් දීලා කතා කරත් ඔයා නැගිටින්නෑනේ නේද? මටත් නොකියම ලොකු නින්දකට වැටුනනෙ ඔයා..

කිව්වනම් මාත් එනවනේ සූ.. ඔයාව පපුවට තුරුලු කරන් නිදාගන්න.. ඔහොම හොරෙන් ගියේ ඇයි ආහ්..? හිතුනේ නැද්ද ඔයාට මේ ආදරේ කරපු ice prince ට පාලු හිතෙනවා කියලා..

ඒ නිශ්චල ශරීරය දිහා බලාගෙන එක එක දේවල් හිතනවා මම..

ඔයා ගොඩක් ඈතකට ගිහින් ඇති දැන්..

මගේ සූ..

මාව දාලා යන්නම ගිහින් දැන්..

සදහටම..

අනේ ආයෙත් එන්න සූ! මට බෑ ඔයා නැතුව ඉන්න.. මොනා හරි කියන්නකෝ..චෙබල්! ඔහොම කටවහගෙන ඉද්දි බය හිතෙනවා මට..

ආයිමත් කලින් විදිහටම හිටගෙන ඉන්න පනක් නොතිබුනු නිසා hospital room එකේ බිමම මන් තප්පලන් ගහගත්තේ ඇදේ පහලට එල්ලෙන මගේ සූගේ අත එක මොහොතකටවත් මගේ දෑත් වලින් අයින් නොකර..

" හියුන්.. ඉක්මනට සූව නැගිට්ටවන්නකෝ.. මන් මෙහෙම අඩද්දි මෙයා කොහොමද අනේ මෙහෙම නිදාගෙන ඉන්නේ?! හියුන් ඔයා ලොකුයිනේ.. please කියන්නකෝ මෙයාට නැගිටින්න කියලා.. මාත් එක්ක මුරන්ඩු වුනාට හියුන්ට බයේ නැගිටියි එයා.. "

" Ah Sunghoon.. එපා බන් ඔහොම කියන්න.. මට තේරෙනවා උබව.. "

හියුන්ගේ දෑත් මගේ කොන්ද පුරා යන හැටි දැනුනා මට.. මට බෑ හියුන් මගේ කෙල්ල මෙහෙම නිදාගෙන ඉද්දි ඔහේ බලන් ඉන්න.. 

Dark Winter : PSH [ COMPLETED ]Dove le storie prendono vita. Scoprilo ora