වාඩිවෙලා ඉදපු මාව ඉබේම නැගිට්ටෙවුනේ මගෙන්වත් අවසර නොගෙන.. මගේ සූ.. එයා වෙන කොල්ලෙක් එක්ක හිනාවෙවී කැෆේ එක ඇතුලට එන හැටි දැක්කහම.. මට දැනුනේ මගේ මුලු ලෝකෙම කඩන් වැටුනා වගේ.. එයා ගැන මවාගත්තු හීන හැමදෙයක්ම වගේ ගහගෙන ගියේ කම්මුක් දිගේ රූටා වැටෙන මගේ කදුලු බිංදුත් එක්ක..
මට දැනුනා කාගෙදෝ ශක්තිමත් අතක් මගේ උරහිසේ ගැටෙන හැටි.. ඒ Jay ගේ කියන්න මට වැඩිවෙලාවක් ගියේ නැහැ.. මන් දන්නවා.. ඔයාලා හැම කෙනෙක්ම මගේ හයියට ඉන්නවා.. ඒත් මට මේ දේවල් දරාගන්න අමාරුයි.. මගේ එකම ආදරේ වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්න මට අමාරුයි..
ඇයි මන් විතරක් මෙහෙම විදවන්නේ?
ආදරේ නිසා තව මන් කොච්චර කල් විදවන්න ඕනිද සූ?
සූ.. ඇතුලට එද්දි මන් දිහා බලන්න එපා.. චෙබල්! මන් ආස නෑ මගේ කදුලු ඔයා දකිනවට.. ගිහින් ඔයා ඒ කෙනා එක්ක ඕනි තැනකින් වාඩිවෙන්න.. ඒත් මගේ ඇස් වල ගැටෙන්න එපා ඔයාගේ ඇස්.. මන් ආස නෑ ඒකට.. ඔයා ඉස්සරහා මන් ශක්තිමත් sunghoon විතරයි.. කොයිම වෙලේකවත් ඔයා නිසා ඇතිවෙන ඒ දුර්වලකම මට ඔයාගේ ඉස්සරහට ගේන්න ඕනි නෑ!
ලොකුවට තිබුනු කැෆේ එකේ බිත්තියක් අයිනකින් තිබුනු ටේබල් එකකින් මන් දැක්කා මගේ යුන්සුවා ගිහින් ඒකෙනා එක්ක වාඩිවෙන හැටි.. රිට වගේ හිටගෙන ඉන්න මන් ඇස් කොනින් බලන් හිටියේ සූ දිහා.. මට ඇහෙනවා ජේක් heeseung එක්ක මොනාදෝ කතා කරන හැටි.. සමහර විට එයාලට මන් ගැන අනුකම්පා හිතෙනවා ඇති.. නෑ එපා.. කවුරුවත් මට අනුකම්පා කරන්න ඕනි නෑ.. මන් ආස නෑ ඒ දේට..
තව එක තප්පරයක්වත් නොයිද මන් කැෆෙ එකේ තිබුනේ වෙනත් දොරකින් එලියට ආවේ තවවෙලා ඉන්න තරම් ශක්තියක් මන් ගාව නොතිබුනු නිසා.. යාලුවෝ ටික මාව නවත්තන්න ගියෙත් නැහැ.. නවත්තන්න හැදුවත් මම නවතින එකකුත් නෑ.. මට ඕනි මේ වෙලේ තනියෙම ඉන්න..
පදිකවේදීකාවේ ඉස්සරහට දුවගෙන ආව මට එහෙම්මම ගිහින් නැවතුනේ එදා ගියපු පාක් එක ළග.. ගස් වල දලු දාන්න පටන් අරන්.. පාක් එක වෙනදට වඩා ලස්සනයි.. ඒත් මට ඒ කිසිම ලස්සනකින් වැඩක් නෑ දැන්.. මට ඕනි වුනේ හයියෙන් කෑ ගහලා අඩන්න තැනක් මිස ලස්සන බල බල ඉන්න තැනක් නෙවෙයි..
أنت تقرأ
Dark Winter : PSH [ COMPLETED ]
عشوائيහිම සුදු පාටින් දිලිසුනත්, ඇයි වෙලාවකට මේ තරම් හිම අදුරු? Dark Winter Story by : leena Cover by : @Layla_06xx Started Date : 2021.12.08. End Date : 2021.12.12.