සහීමගේ පස්සෙන්ම තරුයි හසියි දිව්වේ සහීමා අනිත් අයට කියයි කියන බයට.
එයාලා හිතුවා වගේම සහීමා තරූගෙයි, හසිගෙයි අම්මයි තාත්තයි ඉස්සරහා මේ දේවල් කිව්වා. තරූල් ටයි හසිතටයි කර කියා ගන්න දෙයක් නැතුව බලන් හිටියා . ඒ අතරෙම දේවකත් ආවා. දේවකටත් මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව හසිත ගාව හිටගෙන හිටියා .
"තොපි අපිට ලැජ්ජා කරනවා .. පාහර බල්ලෝ දෙන්නා ."
තරුල්ටයි හසිතටයි හසිතගේ තාත්තා කනට ගහ හා බැන්නා." පුතේ මං කවදාවත් ඔයාගෙන් මෙහෙම දෙයක් අහන්න බලාපොරොත්තු උනේ නෑ... මොකක්ද ඔයා ඔය කරන වැඩේ තේරුම.. " තරුල්ගේ අම්මා අඩ අඩ කිව්වේ එයා ගොඩාක් තරුල්ට ආදරේ හින්දා ...
තරුල්ගේ පව්ලේ අයයි හසිතගේ පව්ලේ අයයි එකතු වෙලා ඒ දෙන්නට බැනලා බැනලා ඒ දෙන්නව පිළිකුල් කරා. ඒත් ඒ වෙනකන් තරූවත්, හසිතවත් වචනයක්වත් කියන්න කට ඇරියේ නෑ. හසිතගේ ඇස් වලින් කදුලු බේරුණා. මොකද එයා කලින් ම දැන ගෙන හිටියා මේ දේවල් අනිත් අය දැනගත්තොත් එයාලව පිළිකුල් කරනවා කියලා . ඒ උනාට තරුල්ටත් මෙහෙම එක එක කතා අහන්න උනේ හසිත හින්දා කියලා හසිතට හිතෙද්දි එයාට ඉකි ගැහුණා. තරුල් අත් දෙකත් මිට මොළවගෙන බිම බලාගෙන බයින ඒවා අහන් හිටියා.එතකොට තමයි පහන්දි එයාගේ අම්මලත් එක්ක ආවේ. පහන්දි ට තේරුණා අනිවාරෙන් ඒ සම්බන්දේ දැන ගෙන තමයි මේ බයින්නේ කියලා . මොනවා උනත් පහන්දි කැමති උනේ නෑ එයාගේ යාලුවෝ දෙන්නට අනිත් අය gay කියන බොඩර් එක ගහනවට. එයා දැක්කා මුකුත් කරගන්න බැරුව තරුයි ,හසියි අසරණ වෙලා හිටපු හැටි. පහන්දිගෙත් ඇස් වල කදුලු.
" අනේ ඕක නවත්තන්නකෝ.... " පහන්දි කෑගහලා කිව්වේ තරූටයි හසීටයි බැන බැන හිටපු එයාලගේ අම්මලට.
" ඇයි පහන්දි ඔයා ඔහොම කියන්නේ ... ඔයත් මේ දේවල් දැනගෙන හිටියද ..... ඔයාටවත් බැරි උනාද මේ දේවල් ... "
" අනේ අම්මේ මං දන්නේ නෑ ඔයාලා මොනවා කියනවද කියලා ... " පහන්දි තරුල්ගේ අම්මා කිය කිය හිටපු එක නැවැත්තුවා.
" හැබැයි මං එක දෙයක් දන්නවා අම්මේ.... තරුල් කියන්නේ හසිතගේ යාලුවා වගේම මගේ බෝයි ෆ්රෙන්ඩ් .... " පහන්දි අම්මලා ඉස්සරහා එහෙම කියද්දි දේවක ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියේ මොකක්ද ඒ කිව්වේ කියලා . තරූ, හසී දෙන්නටත් හිතාගන්න බැරි උනා පහන්දි මොනවද මේ කියන්නේ කියලා .
YOU ARE READING
තත්පරයක් |completed|
Novela Juvenilවසන් වන සද වළාකුලකට හඩා වැටුනට තාරකාවක්... ආයේ එන්නේ නෑ....