🌼🌼🌼......... 04

66 14 39
                                    


වසර 25 කට පසු...

" අද අප වැඩසටහන වර්ණවත් කිරීමට එකතු වන්නේ  21 වන සියවසේ ශ්‍රී ලාංකික තරගකාරී ව්‍යාපාර ක්ශේත්‍රයේ ,

    නොමැකෙන නාමයක් සනිටුහන් කරමින් දිවයිනේ ළාබාලතම ව්‍යාපාරිකාව ලෙස ලාංකික ඉතිහාසයට එක්වන ,

      ඔබත් මමත් සමාජ මාද්‍ය කලබමින් සෙවූ ඒ ජයග්‍රාහී පෞරුෂය  එහෙම නැත්තම් ඒ දිරිය දියණිය 

දෙව්ලි තරුල්‍යා...."

  මම මේ රූපවාහිනී වැඩසටහනකට යන පලවෙනි වතාව. හිතේ බයක් නැතුවම නොවෙයි.. මොකද මේක ලයිව් දාන එකක් .... එහෙමයි කියලා මං බය වෙන්නේ නෑ.. මෙච්චර දුරක් ආපු මට මේක මොකක්ද
ඒත් ඇත්තටම පපුව වේගෙන් ගැහෙනවා .... ඒත් මං හිමිට ඇවිදන් ගිහින් එතන ඉන්න අය එක්ක හිනා වෙලා කැමරාවටත් හිනා වෙලා ඒ ලගින් වාඩි උනා.

" මිස්  දිසාසේකර ....  අපි එහෙම කතා කරන්නද නැත්තම් දෙව්ලි කියන්නද " එතන හිටපු නිවේදිකාව මගෙන් ඇහුවේ එයත් මගේ වයසේ වගේ කෙනෙක් නිසා .. වෙන්න ඇති

" දෙව්ලි කියන්නෙත් මම ... දිසාසේකර කියන්නේත් මම ඉතින් ඔයාට කැමති විදිහකට කතා කරන්න පුලුවන්  .. කිසිම ප්‍රශ්නයක් නෑ " 
මං එයාට හිනා වෙලා ම එහෙම කිව්වා.  ඔව් මං දෙව්ලි තරුල්‍යා දිසාසේකර . ඒ  මට මගේ අප්පච්චිගෙන් ලැබුණ නම. 

" ඉතින් අපිට  කියන්නකෝ ඔයා ආපු මේ ගමන මොන වගේද කියලා  .... "

"  ආපු ගමන සුන්දරයි. "
මං ටිකක් හිතලා එයාට එහෙම කිව්වා.

" වාව්.... ඔය වගේ තැනක  ඉන්න කෙනෙක් එහෙම කෙටියෙන් පිළිතුරක් දීලා සුන්දරයි කිව්වා මං දැක්කමයි.'


එයාලා අහපු හැම දේකටම මම උත්තර දුන්නා . කොහොමහරි පැයක් විතර මං එතන හිටියා . ඊටපස්සේ මං ආවේ මගේ රත්තරං තාත්තව බලන්න . මං යන යන හැමතැනම මාව එක්කන් ගියේ මගේ තාත්තා . ඒත් අද එයා මාත් එක්ක ආවේ නෑ. අද එයාට හිසේ කැක්කුම කියලා ගෙදර හිටියා .ඒත් මං දන්නවා අනිවාරෙන් ගෙදර ඉදන් මාව බලන් ඉන්නවා කියලා . 

තත්පරයක්  |completed|Where stories live. Discover now