🌼🌼🌼.........01

133 25 26
                                    

" තරූ..... පොඩ්ඩක් හිමින් යන්නකෝ .. " පහන්දි තරුල්ට කෑගැහුවේ පිටට ගගහා....

" හයියෙන් අල්ලගන්න මැණිකෝ.... " තරුල් නම් බයික් එක වේගෙන්ම අරගෙන ගියේ ලෙක්චර්ස් වලට පරක්කු වෙයි කියලා ..

පහන්දි තරුල් කියන්නේ චූටි කාලේ ඉදන් එකට හැදෙන යාලූවෝ දෙන්නෙක් .. පාඩම් කරන්නේ කන්නේ බොන්නේ ඔක්කොම එකට.. මේ දෙන්නත් එක්කම තව යාලුවෙක් හිටියා. එයා හසිත.

මේ තුන්දෙනා ඕනෙම තැනක හිටියේ එකටමයි. පහන්දි කියන්නේ කෙල්ලෙක් උනත් එයා හිටියේ හසි, තරූ එක්ක . කොල්ලෝ දෙන්නටත් කෙල්ල නැතුව තනියම වැඩක් කරගන්න බෑ. ගොඩාක් වෙලාවට මේ තුන් දෙනා හිටියේ තරු ගේ ගෙදර .

" උබලා දෙන්නා වෙලාවටම ආවා නේ " හසී හිටියේ තරුයි පහන්දියි එනකන් බලාගෙන

" බලන්නකෝ හසී , අදත් තරූ හින්දා කලින් එන්න බැරි උනේ... ඒ මදිවට බයික් එකේ ඉගිල්ලුණා.. " පහන්දි එයාගේ ගව්ම පොඩි වෙලාද කියලා බල බල කිව්වේ. තරුල් නම් කණ්නඩියෙන් මූණ බල බල කොන්ඩේ හදනවා.

" ඔයාව බලන්න අය නෑ නේද මෙහේ එන්න යන්න " හසිත දෙන්නවම ඇදගෙන ලෙක්චර්ස් වලට ආවා.

තරුල් දිසාසේකර කියන්නේ සාමාන්‍යයෙන් පෘශ්ටිමත් පෙනුමක් තියෙන , ගොඩාක් ගැහැණු ළමයිගේ ආකර්ෂණය ගත්තු කෙනෙක් . ස්කෝලේ කාලේ ඉදන් ගොඩාක් කෙල්ලෝ එයාගේ පස්සෙන් ආවත් , කවදාවත් එයා කෙල්ලෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන නෑ.
එතකොට හසිත , හසිත තෙන්නකෝන් කියන්නේ පෙනුමෙන් හුරුබුහුටි කොල්ලෙක්. ඒ වගේම ගොඩාක් අහිංසකයි . ගෑණු ලමයෙක් වගේ ලස්සනයි . ගොඩාක් හිටියේ පහන්දි එක්කම තමයි . හසී අනිත් අයට වැඩිය වෙනස්. එයාගේ ක්‍රශ් එක උනේ තරූ... හැබැයි ඒක එයා අගවලා නෑ .
එතකොට මේ කොල්ලෝ දෙන්නා එක්ක ඉන්න චූටි කෙල්ල පහන්දි දිනෝද්‍යා. දිග කොන්ඩයක් තියෙන අහිංසක කෙල්ලෙක් මෙයා.
අටේ නමයේ පන්ති වල ඉද්දි තමයි මේ ගොල්ලෝ හොදම යාලුවෝ උනේ.

දැන් මේ තුන්දෙනාම ඉන්නේ එකම යුනිවර්සිටි එකේ මැනේජ්මන්ට් ඩිග්‍රි එක කරන්න .
එයාලගේ බැජ් එකේම හිටිය තව ලමයෙක් පහන්දි ගැන කැමැත්තෙන් හිටියා . ඒත් එයා හිතුවේ පහන්දි තරුල් එක්ක සම්බන්ධයක් ඇති කියලා . මොකද තරුල් පහන්දි ඩබල ඉන්නෙම කපල් එකක් වගේ තමයි . පිට ඉදන් බලන ඕනෙම කෙනෙක්ට පේන්නේ ඒ වගේ. ඒ හින්දාම ඒ ළමයා ඇත්තටම ඒ දෙන්නා කපල් එකක්ද කියලා දැන ගන්න තරුල් එක්ක ෆිට් උනා. එයාගේ නම දේවක.
දැන් දේවකත් ඉන්නේ අර තුන්දෙනා එක්කම තමයි . පහන්දිට කොල්ලෙක් නෑ කියලා දැනගත්තු දවසේ නම් දේවක පට්ට සතුටින් හිටියේ .
දවසක් තරුයි හසියි නැතුව පහන්දි තනියම කැම්පස් එකේ ගහක් යට බංකුවක වාඩි වෙලා හිටියා . දේවකත් ඇවිත් එතනින්ම ඉදගත්තා.

තත්පරයක්  |completed|Where stories live. Discover now