• Part 7

905 185 0
                                    

🐯 -: මට බෑ.. එයා ආයෙත් ඇවිත් තියෙන්නෙ මට රිද්දන්නද.. ?? මට පරණ දේවල් ආපහු මතක් කරන්නද.. ?? මං දැන් හොදින් ඉන්නවනෙ.. තවත් මොනවද එයාට මගෙන් ඕනෙ.. ??

මං කිව්වෙ ගොඩක් මහන්සියෙන්. මට මහන්සි.. මේ දේවල් දරා ගන්න මට තවත් ශක්තියක් ඉතුරු වෙලා නෑ. මගෙ හිතේ තියන දේවල් තේරුණා වගේ එයා මාව එයාගෙ පපුවට තුරුලු කර ගත්තා. ඒ පපුව හරිම උණුසුම්. මට ඒ ආදරේ දැනෙනවා.

ඔව්...

මං දැනගෙන හිටියා දොර ඇරියෙ ජන්කුක් කියලා. මට එයාව අදුරගන්න එයා දිහා බලන්නම ඕනෙ නෑ. මගෙ හිතේ තිබුණු වේදනාව මං වචන විදිහට පිට කලේ හොබී හියොන්ග්නුත් ඒ දේවල් අහන් හිටියා කියලා නොදැන.

හොබී හියොන්ග්ට මං ගැන ගොඩක් දුක හිතෙන්න ඇති. ටික දවසකට කලින් හිටපු එයාගෙ හුරතල් මල්ලි දැන් ඉන්නෙ කලින් හිටියටත් වඩා ගොඩක් වැටිලා. හොබී හියොන්ග් කැමති උනේ නෑ එයාගෙ මල්ලි ආයෙමත් කලින් වගේම වේදනා විදිනවා දකින්න.

ඒත් එකක්ම මාව ජන්කුක්ට භාර දීලා හොබී හියොන්ග් ගියේ යුන්ගි හියොන්ග්ට call කරන්න. හොබී හියොන්ග්ව හම්බ උනාට පස්සෙ තමයි යුන්ගි හියොන්ග් හැමදේම දැන ගත්තෙ.

එයා හිතුවෙ මං කා එක්කවත් කතා නොකර තනියම හිටියෙ ඒ මගෙ විදිහ නිසා කියලා.. එයා හිතුවෙ මං හිනා වෙන්නෙ නැත්තෙ මගෙ සීතල ගති නිසා කියලා.. එයා හිතුවෙ මං එයා එක්ක කතා නොකලෙ මාව ගෙදරින් යැව්වට එයා එක්ක තරහින් කියලා..

ඒත් මගෙ ඇත්ත හැගීම් , මං විදපු වේදනාවන් , මං හිටපු විදිහ , මං අමාරුවෙන් වෙනස් උන විදිහ යුන්ගි හියොන්ග් දැන ගත්තෙ හොබී හියොන්ගෙන්.

එතකොට තමයි හියොන්ග්ට තේරුණේ එයා හිතාගෙන හිටියට වඩා දහ ගුණයකින් එයා මට රිද්දලා කියන එක.. එයා මාව තේරුම් හරියට අරගෙන නෑ කියන එක.. අඩු තරමෙ එයා මාව තේරුම් ගන්න උත්සහ කලෙත් නෑ කියන එක..

ඒත් ඒ දේවල් එයාට වගේම මගෙ පවුලෙ අයටත් තේරෙද්දි ගොඩක් පරක්කු වැඩියි...

අමතක කරන්න අමාරුයි තමයි...

ඒත් මං එයාලට සමාව දෙන්න තීරණය කලා...

මොකද මට ඕනෙ නෑ තව දුරටත් මේ දේවල් හිතේ තියාගෙන ඉන්න. මට ඕනෙ මේ හැම වේදනාවක්ම අමතක කරලා දාලා ජීවිතේ ඉස්සරහට යන්න.

මං කොහොමහරි මගෙ පවුලට මුහුණ දෙන්න හිත හදා ගත්තා...









•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

My Story [✔✔]Where stories live. Discover now