• Part 4

946 205 48
                                    

හොබී හියොන්ගෙන් තමයි මං දැන ගත්තෙ මගෙ හියොන්ග් යුන්ගිත් ඒ band එකේම main rapper විදිහට debut වෙලා කියලා.

මගෙ හියොන්ග්නුයි හොබී හියොන්ග්නුයි දෙන්නම එයාලගෙ සහෝදරයො ගැන විස්තර හුවමාරු කර ගත්තලු.

මගෙ හියොන්ග් ගොඩක්ම කියලා තිබ්බෙ මං ගැන. ගෙදර හිටපු කාලෙ එයාට මාව බලා ගන්න බැරි උන එකට , මාව අදුරගන්න බැරි උන එකට , මගෙ හිත රිද්දුවට එයා ගොඩක් දුක් වෙලා තියනවා.

හොබී හියොන්ග් මාව අදුන්වලා දීලා තියෙන්නෙ එයාගෙම මල්ලි විදිහට. ඉස්සර මං හිටපු විදිහ , එයා මාව වෙනස් කරපු විදිහ , දැන් මං හිනා වෙලා ඉන්න විදිහ වගේ ගොඩක් දේවල් එයා කියලා තිබ්බා.

ඒ නිසා band එකේ අනිත් හතර දෙනත් ගොඩක් ආසාවෙන් ඉදලා තියෙන්නෙ යුන්ගිගෙ චූටි මල්ලි වගේම හොබීගෙ මල්ලිවත් බලන්න.

ඒත් එයාලා දන්නෙ නෑ ඒ දෙන්නම එකම කෙනා කියලා.

යුන්ගි හියොන්ග්ට මාව band එකේ අයට පෙන්නන්න කොච්චර උවමනා උනත් එයාගෙ හිතේ පොඩි චකිතයක් තිබ්බා මං එයා එක්ක යන්න එයිද කියලා. ඒ වගේම හොබී හියොන්ග් කීප සැරයක්ම මාව එයාලගෙ company එකට එක්කගෙන යන්න හැදුවත් බැරි උනේ මගෙ studies නිසා.

ඔය අතරෙ තමයි අපේ ගෙදර අය ජිමින් එක්ක මාව බලන්න ආවෙ. ගොඩක්ම එයාලා ආවෙ ජිමින් දැන් dancer කෙනෙක් කියලා මට පෙන්නලා යන්න වගේ. ඒත් මං ඒ කිසි දෙයක් ගනන් ගන්න ගියේ නෑ.

එයාලා කිව්වා මට ආපහු ගෙදර එන්න කියලා. ඇයි මං යන්නෙ ?? ඒ මගෙ ගෙදර නෙවෙයි. ඒක නිකන් හිර ගෙයක් වගේ. මේකයි මගේ ගෙදර. Mrs. Jung මගෙම ඔම්මා නොවුණත් එයා මගෙ ඔම්මට වඩා හොදට මට සැලකුවා. හොබී හියොන්ග් ගැන ඉතින් කියන්න ඕනෙ නෑනෙ.

මගෙ අදහස මොනවා කියලවත් වෙනස් කරන්න බැරි උන තැන එයාලා ආපහු යන්න ගියා. එයාලා ගියේ ගොඩක් දුකෙන් කියලා මං හොදටම දැක්කා. මාව ගෙදරින් යවපු එක ගැන එයාලා පසු තැවෙනවා. ඒත් ඒ තීරණේ ගැන මං අදටත් එයාලට ස්තූතිවන්ත වෙනවා.

ජිමින්ට තේරෙන්න ඇති මං දැන් හිටියට වගේ හොදින් වගේම සතුටින් ඉන්නවා කියලා. මං දුක් විදින්න ඕනෙ කෙනෙක්ද ?? නෑනෙ...

තවත් අවුරුදු තුනකට පස්සෙ Mrs. Jung ගෙ ආශිර්වාදයෙන් , හොබී හියොන්ගෙ උදව්වෙන් වගේම මගෙ ඉගෙනීම නිසා Korea වල top businessmen ලා දහ දෙනා අතරට එන්න මට පුලුවන් උනා.

කිසිම දෙයක් ලේසි උනේ නෑ. රෑ දවල් නොබලා මට ගොඩක් මහන්සි වෙන්න උනා. ඒ වගේම මේ ගමන තනියෙන් ආපු එකකුත් නෙවෙයි. හොබී හියොන්ග් , Mrs. Jung වගේම මගෙ යාලුවො නොහිටින්න අද මම මෙතන නෑ.

හොබී හියොන්ග්ටයි මටයි ගොඩක් busy schedule තිබුණා. සැරෙන් සැරේ අපිට රට යන්න එහෙමත් උනා. ඒත් අපි දෙන්නා කොහොමහරි දවසෙම වෙච්ච දේවල් කතා කරන්න , Mrs. Jung ව බලන්න යන්න සමහර විට ඇවිදින්න යන්නත් වෙලාව හදා ගත්තා.

හියොන්ග්ලගෙ band එක ගොඩක් ප්‍රසිද්ධයි කියලා මං දැනගෙන හිටියත් members ලා ගැන මං පෞද්ගලිකව දැනගෙන හිටියෙ නෑ. ඇත්තටම කිව්වොත් ඉස්සර studies වලටයි දැන් business වලටයි හිර වෙලා හිටපු නිසා මං ඒ ගැන හොයන්න මහන්සි උනේ නෑ.

ඔය අතරෙ තමයි press conference එකකට යන ගමන් ඉන්න මාව ජන්කුක්ගෙ ඇගේ හැප්පෙන්නෙ. අපි දෙන්නම හිනා වෙලා එකටම සමාව අරන් bow කලා. ඇත්තටම ඒ වෙලාවෙ මං හිටියෙ ගොඩක් හදිස්සියෙන් නිසා මට ඉක්මනටම එතනින් යන්න උනා.

ඒ වෙලාවෙ මගෙ ඔලුවෙ වැඩ කලේ conference එක ගැන විතරයි. ඒ නිසා මට ජන්කුක්ව අමතක වෙලා ගියා.

ඒත්...

අපි දෙන්නට දෙන්නා දැකපු ඒ තප්පර ගානට එයාගෙ හිතේ මගෙ රූපෙ ඇදිලා තිබුණා. එයා දැකපු ලස්සනම හිනාව , නිල් පාට ඇස් , නලලට වැටුණු දුඹුරු පාට කොණ්ඩෙ එයාට අමතක කරන්න බැරි උනා.

එයා band එකේ අනිත් අය එක්කත් හැම වෙලේම මං ගැන කියවන්න පටන් ගත්තා. වැඩි කල් නොයා Bighit එකේ staff එක පවා ජන්කුක්ගෙ නමක් නොදන්න ආදරවන්තයා ගැන දැන ගත්තා.

හැමෝම එයාගෙ no name boy ගැන කියලා ජන්කුක්ව tease කරන්න පටන් ගත්තා.

හැමෝම...

Band එකේ අය...

PD Nim...

Staff එකේ අය...

Army ලා පවා...

එක්කෙනෙක් ඇර...

ඔව්, ඒ ජිමින්...

ජන්කුක් කියන්නෙ ජිමින්ගෙ crush එක. ඉතින් ජිමින්ට ජන්කුක්ගෙ නමක් නොදන්න ආදරේ ගැන ඊරිසියා හිතුනා වගේම දුක හිතුනා.

ඔය අතරෙ ජන්කුක් මාව ආයෙමත් එයාට අහම්බෙන් හරි හම්බ වෙයි කියලා ප්‍රාර්ථනා කලා. එයා හිතුවා වගේම අපි දෙන්නා ආයෙත් හම්බ උනා.








•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•♡•

My Story [✔✔]Where stories live. Discover now