ᴘᴀʀᴛ 2

471 130 1
                                    

"මං අයිස්ක්‍රීම් ගේන්න යනවා. ඔයාටත් එක්ක අයිස් ක්‍රීම් එකක් ගේන්නද?"

විනාඩි 30ක් විතර ජන්කුක් මගෙ එහා පැත්තෙ කිසිම සද්දයක් නැතුව ඉදපු නිසා මං එහෙම ඇහුවෙ. ඇත්තටම මං මෙතනට ආවෙ අඩන්න නේද?

"මේ වැස්සෙ??"

එතකොටයි මටත් තේරුණේ කලින් පොද වැස්ස ලොකු වැස්සක් වෙලා කියලා. එහෙම්මම මං බැලුවෙ ටේ හිටපු බංකුව දිහා. ඔව් එයාලා ගිහින්. ඒත් මං දැක්කෙ නෑනෙ එයාලා යනවා. මං කොහේ දකින්නද ජන්කුක් දිහා බලන් ඉන්නකොට.

"ඔව්. එපා නම් වෙන මොනා හරි ගේන්නම්."

"නෑ කමක් නෑ අයිස්ක්‍රීම් හොදයි."

මං ගිහින් චොක්ලට් අයිස්ක්‍රීම් එකයි, ස්ටෝබෙරි අයිස්ක්‍රීම් එකයි අරං ආවා. මං චොක්ලට් අයිස්ක්‍රීම් වලට ආස වුනත් ජන්කුක් කැමති අයිස්ක්‍රීම් ජාතිය අහ ගන්න බැරි වුනානෙ.

"ඔයා ස්ටෝබෙරි අයිස්ක්‍රීම් වලටද ආස?"

ජන්කුක් මොකුත්ම නොකියා කාපු නිසා මං ඇහුවා.

"නෑ මං ආස මින්ට් වලට. ස්ටෝබෙරි වලට කැමති නෑ"

මට පුදුම හිතුනෙ එයා අයිස් ක්‍රීම් කනකොට මොකුත්ම නොකියපු එකට.

"ඔච්චර පුදුම වෙන්න එපා ඔයා කැමැත්තෙන් ගෙනත් දීපු එක කන්නෙ නැතුව විසික් කරන්නද මට කියන්නෙ."

හයියෙන් හිනා වෙන ගමන් ජන්කුක් එහෙම කිව්වෙ.

"ලස්සනයි"

"ආ මො.මොකද්ද?"

මගෙ කටින් නොදැනුවත්වම එහෙම පිට වුනහම ජන්කුක්ගෙ හිනාව නැති වුනා. මට පොඩි දුකක් දැනුනේ නෑ කිව්වොත් බොරු මොකද එයාගෙ හිනාව නැති කලේ මංනෙ.

"මේ..නෑ ජන්කුක් මො..මොකුත් නෑ"

"දැන් මං යනවා ජිමින්"

"ආ හරි ජන්කුක් පරිස්සමෙන්"

එයා ගියා...අපරාදෙ හැබැයි ලස්සනයි කිව්වෙ. මොනා වුනත් එයා ලස්සනයි.

𝚃𝙷𝙰𝚃'𝚂 𝙾𝚄𝚁 𝚂𝚃𝙾𝚁𝚈~[𝙹𝙸𝙺𝙾𝙾𝙺]✓Where stories live. Discover now