Episode 3

630 129 13
                                    

"එයා මාත් එක්ක තාම තරහින් ඇත්තේ යුන්හියා.."

"මන් හිතන්නෙ නෑ.."

"මොකද්ද..?"

"එයා ඔයත් එක්ක තරහින් ඇත්තේ කියලා.."

"ඒ කොහොමද එහෙම කියන්නේ.."

"මෙහෙමනේ චිමී...."

ජිමින්ගේ ඔඩොක්කුවේ ඔලුව තියන් හිටපු යුන්හි නැගිට්ටලා කිව්වේ අත් දෙකෙන් මූනට වැටිච්ව කොන්ඩෙත් එහාට මෙහාට කරන ගමන්..ජිමිනුත් කෙල්ල දිහා බලන් හිටියේ යුන්හි කියන්නේ මොනවද කියලා අහන්න..

"මින්ජි කියන්නේ ඔයාගේ නංගිනේ.."

"ඔව්..."

"එයා තාම පොඩි කෙල්ලෙක් ජිමින්..එයා රැවටුනා කියලා හිතන් ඉන්නෙ...ඒ වගේම ඔයා ඒවා දැනන් ඉදන් එයාට කිව්වේ නෑ කියලයි තාම හිතන් ඉන්නවා ඇත්තේ..එයාට කාලය දෙමු ජිමින්..මට විශ්වාසයි මින්ජි එයාගේ ඔප්පා එක්ක වෙනදා වගේම ඉදවි කියලා.."

"එහෙම වෙයිද මැනික.."

"හ්ම්ම්..."

"ඒත් එයා කියන සමහර වචන මට ගොඩක් රිද්දනවා.."

ජිමින් ඇස්වල පිරෙන කදුලු දැක්කම යුන්හිට ජිමින් පව් කියලා හිතුනා..මොකද සාමාන්‍යයෙන් ජිමින් කියන්නේ යුන්හි ඉස්සරහදි ඇස්වල කදුලු තියාගන්න කොල්ලෙක් නොවෙච්ච නිසා..

ඒත් යුන්හි දන්නවා වගේම දැකලා තියෙනවා ජිමින් යුන්හිටත් හොරෙන් මින්ජි මතක් කරලා අඩන විදිය...

"අයිගූ චිමි..ඔයා පොඩි එකෙක් වගේනේ..අනික මින්ජි ඔයාට බනින්නේ නැතුව වෙන කාටද බනින්නේ..
මින්ජි බැනලා ගහලමද කොහෙද ඔයා මෙච්චර කොට...පාත්තයෙක් වගේ අනෙ-"

"ආ..හ්"

ජිමින්ගේ මෙච්චර වෙලා පහලට යොමුවෙලා තිබුන ඇස් යන්තමට පිරුනු කදුලු එක්කම කියවගෙන යන යුන්හිට එල්ල වුනේ ඒ මොනාද කිව්වේ වගේ අහන ගමන්..

හැබැයි ඒ වෙද්දිත් යුන්හි තොල් දෙකත් තද කරන් එතනින් නැගිට්ටා..

"වේ..??
වේ ඔහොම බලන් ඉන්නේ..."

"මොකද්ද ඒ කිව්වේ..?"

"ඇත්තනේ කිව්වේ.."

"මොකද්ද ඇත්ත..?"

"මුකුත් නෑ.."

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now