Episode 10

577 116 17
                                    

එක පාරට නොහිතපු විදියට ජිමින්ගේ පැත්තට ආපු හීල්ස් එක අල්ලගන්න තරම් වෙලාවක් ජිමින්ට හම්බුනේ නැති නිසා ඒක ජිමින්ගේ අවාසනාවකට ගිහින් වැදුනේ ජිමින්ගේ නලලේ.

"මොක්-"

නලලත් අත ගගා ආයෙමත් මින්ජි දිහා බලපු ජිමින් ආපහු පහත් වෙලා සෝෆා එකේ මූන ඔබාගත්තේ මින්ජිගේ ඊලග සපත්තු පාරෙන් බේරිච්ච එක ගැන සතුටෙන්.

"මින්ජි මොකොද මේ තමුසේට වැරදි කෑමක්වත් කැවුනද.?"

"තමුසේ දැන දැනම අර ගස් හිකනලා ගාවට යැව්වා නේද..?"

"මොන..?"

"දන්නේ නෑ වගේ කතා කරලා මේ පෝච්චියෙන් මට කියලා ඔලුව කුඩු කරගන්න එපා පාත්තයෝ..!!!!!!"

මින්ජි ගවුමේ පැත්තකුත් අල්ලන් කෑ ගහලා පෝච්චියකුත් උස්සන් කියද්දි නම් ඇත්තටම ජිමින්ට බය හිතුනා..

"හ-හරි හරි මොකද්ද දැන් අහන්නේ.."

"මන් හිතුවා වගේම තමුසේ පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.."

"මින්-"

"ඉන්නවා මන් තාම කතා කරලා ඉවර නෑනේ..ඒ හින්දා අහන් ඉන්නවා..!!

තමුසේ මොන වගේ හිතකින්ද ආයෙමත් මාව අර පවුකාරයා ලගට යැව්වේ.අච්චර දේවල් වෙලා තියෙද්දිත් ආයෙමත් මාව යවන්න තමුන් හිත හදාගත්තේ කොහොමද..ආ!!!"

"කවුරු ලගටද මින්ජි.."

"ජියෝන් ජන්කූක් ලගට..
එහෙමත් නැත්තම් ජේගෲප් කන්ස්ට්‍රක්ශන් කම්පනි එකේ වැඩට යැව්වේ ඇයි කියලා මන් අහන්නේ..?"

"මගේ කකුල් දෙකෙන් එයි ගියේ..
ඔයානේ ගියේ.."

ජිමින් සෝෆා එකට දන දෙක තියාගෙන හෙඩ්බෝඩ් එකට අත් දෙක ගහන් මෙච්චර වෙලා මින්ජි කියවපු එක ඇහුවමයි තේරුනේ මින්ජි කියවන්නේ මොකද්ද කියලා..

පස්සේ ඉතින් මතක් වුනා මින්ජිම නේද ඒකට ගියේ කියලා.ඒ නිසා අර වගේ දෙයක් කියලා සෝෆා එකෙන් වාඩිවෙලා කර කර හිටපු වැඩේ කරේ මින්ජි අන්දුන් කුන්දුන් වෙද්දි.

"මොකද්ද කිව්වේ..!!"

"ඇයි මතක නැද්ද..
මගේ මුත්තා වලෙන් නැගිටලා ඇවිල්ලා මින්ජි පුතේ යන්න එපා කිව්වත් මන් යනෝ කියලා කියවන් ගස්සගෙන ආපු විදිය..ඔයාට අමතක වුනාට මට මතකයි.."

MY BUTTERCUP | JJK | ✔Where stories live. Discover now