හැමදාම වගේ අදත් ජුලියා යි කේනූයි තැං තැං වල හැංගි හැංගි ආදරේ කරන හැටි වහලෙ උඩට නැගලා ඉන්න මට පේනවා...
ආසයි ටෙයොංග් එක්ක ඒ විදියට ඉන්න.. ඒම හිතෙනකොට මගේ මුණෙ මැවෙන හිනාව තද කරගන්නෙ කවුරු හරි මා දීහා බලං හිටියොත් මට පිස්සු කියයි හිතයි කියලයි.
ඇත්ත.. මට පිස්සු. නැත්තං කවදාවත් නොලැබෙන කෙනෙක් එක්ක ආදරේ කරනවා මවා ගනී ඈ.
.
.
.
.
.
.
.මම හොඳ සිහියට ආවෙ මගේ ඔලුව පිටිපස්සට වැදුන පාරට.
ආව්.. ජිමිනී..... තමුසෙ මගේන් කනව හරිද....
මේ මේ... ඇයි පැණි කුරුල්ලා හීන දැක දැක ද හිටියේ ආ...
අනේ මේ......
ඇයි ඇයි ....... අහන්න ජංකුකා....... උබ කොමද කුමාරයා ගැන ඕම හිතන්නෙ ඈ. උබ මකරෙක්..... රජතුමා යටතේ ඉන්න පහත්ම සෙබලෙක්. ඒම එකේ උබ ඔය කරගන්නෙ උබේම හිත රිද්ද ගන්න එක.
අනික බං ඔක්කොටම වඩා උබ කොල්ලෙක්......... කුමාරයාට කැමති වෙන්න උබ කෙල්ලෙක් නෙවෙයි.....
මං නිසා ගානක් නෑ. ඒත් වෙන අයට ඇහෙන්න නං ඕවා කියන්න එපා බං.... උබට මොනා කරයිද කියලා හිතා ගන්න බෑ......
.මං දන්නව ජිමිනි මේවා කියන්නෙ මගේ හිත හදන්න. ඒත් මගේ හිත මා එක්කම වාද කරනවනෙ. එයාට මේ හැමදෙයක්ම සාධාරණ කරන්න හේතු තියනවා..
කොච්චර කිව්වත් මට එයාට ලං වෙන්න බෑ කියලා එදා මම එයාව මගේ තුරුලෙත් තියං හිටියා ජිමිනී....... එයා පුංචි කොටි පැටියෙක් වගේ මගේ උණූහුමේ ඔලුව තියං හිටියා.
මම එයාට ආදරේ කරන්න පෙලබුණා ජිමිනී.. ඒක නතර කරගන්න බෑ.....
.
.
.
.
🎑
YOU ARE READING
Dragon [ TK] Short Story ✅
Fanfictionමං කරපු වරද මකරෙක්ට ආදරේ කරපු එකද? ඒක විතරක් නෙවෙයි. ඔයා කොල්ලෙක්. ඒක මතක තියා ගන්න......!!! [ Fantasy TK ff ] My short story - 03 ♡ Taekook ♡ By- 🐻 2021 - 12 - 22 & 25 ❌ Only fan fiction Imagination only