මට කතා කරගන්න බෑ.. මම ගොලු වෙලා.
මට හුස්ම ගන්නත් බෑ. හෙලවෙන්නත් බෑ... මොකක්ද මේ...... මේක හිනයක්..... කවදාවත් වෙන්නැති දෙයක්... මට ඕන උනේ මගේ අත හයියෙන් කොනිත්ත ගන්න.... ඒත් එයා ඒක නතර කලා.
.
.
.ඔයාට මේක හීනයක් කියලා බයයිද කුක්............. ඉන්න මම බය නැති කරන්නම්...
ඒම කියල එයා ඉදං හිටිය තැනින් නැගිට්ටා..... මගේ ගාවට ආව එයා මගේ ඉන වටේට කකුල් දෙක දාලා මගේ පැත්ත හැරිලා ඔඩොක්කුවෙන් ඉදගත්තා...
දැං නං මගේ හදවත ගැලවිලා යන්න වගේ...
මං මුකුත්ම නොකර ඔහේ ඇස් කඩාගෙන බලං හිටියා.....
ටෙ........... මම කියන්න කට ගද්දිම එයා මගේ තොල් දෙක එයාගෙ පුංචි තොල් වලින් අල්ල ගත්තා............ මම ගැලවෙන්න හැදුවා... ඕන කමට නෙවෙයි. මොකක්ද මේ වෙන්නෙ කියලා තේරුම් ගන්න බැරි කමට.
ඒ එක්කම එයා මගේ තොල් වලින් ඈත් වෙලා මා දිහා බලං හිටියා... පුංචි කදුළු බිංදු ඒ ඇස් වල දිලිසෙනවා.
කුක්..... ඔයා ආවෙ නෑනේද එදා....... මම එදා විතරක් නෙවෙයි. සති ගානක් එතනට ගියා කුක්...... ඔයා එයි එයි කියලා මං කොච්චර බලං හිටියද ....
මම ඇඩුනා කුක්... ඔයා නැතිව ඉන්න බැරි උනා....... ඔයා කවුද කියලා වත් දන්නැතිව කොමද මම ඔයාව හොයා ගන්නෙ...
කඳුළු කැට එක දිගට එයාගෙ ඇස් වලින් වැටේනවා.... මගේ පපුවත් රිදෙනවා..... මට හයියෙන් කෑ ගහන්න ඕන උනා.........
ඔයාට... මාව.. ම.. ත.. කද ඒ කියන්නෙ....
මං ඇහුවෙ ගොඩක් පහත් කටහඩකින්.
ඒ එක්කම එයා කදුළු පිහිද පිහිද ඔලුව වැනුවා.ඒ ක්ශනයෙන් එයාගෙ ඔලුව පිටිපස්සට අත ගෙනිච්ච මම එයාව මගේ තොල් වලට ඇදලා ගත්තෙ විනාඩි ගානක සිප ගැන්මක ආරම්භය අරං...
..
..
....
....
..
....
..
..🎑
YOU ARE READING
Dragon [ TK] Short Story ✅
Fanfictionමං කරපු වරද මකරෙක්ට ආදරේ කරපු එකද? ඒක විතරක් නෙවෙයි. ඔයා කොල්ලෙක්. ඒක මතක තියා ගන්න......!!! [ Fantasy TK ff ] My short story - 03 ♡ Taekook ♡ By- 🐻 2021 - 12 - 22 & 25 ❌ Only fan fiction Imagination only