15

628 150 0
                                    

මං හිටියේ මාලිගාව පේන මානෙ අඳුරු තැනක... හොසොක් කිව්වා වගේම මාව නිදහස් කරගෙන මාලිගාවෙන් එලියට අරං ආවා.......

මම සෑහෙන්න වෙලා එහාටයි මෙහාටයි ඇවිද ඇවිද හිටියෙ මගේ ටේ ව මගේ ඇස් මායිමට පේනකං.....

අන්තිමට පැය කීපයක් ගිහින් මට ඇහුනෙ ඈතින් කවුරු හරි එන සද්දෙ... මගේ හදවත සතුටින් ඉපිලිලා ගියේ දවස් ගානකින් ටෙයොංග් ව දැකලා තිබුනෙ නැති නිසා..

ඒත්...

ඒ ආවෙ ටේජුන් කුමරිය .......

මම ඉක්මනට එතනින් හැංගෙන්න හැදුවත් එයාගෙ අතේ තිබුණ දුන්න ඊට වඩා වේගවත් උනා.......
ඒ විද්ද ඊ තලේ වැදුනෙ මගේ වම් අත මුදුනට...... අතත් අල්ලං ම බිමට පාත් වෙනවත් එක්කම කෑ ගහගෙන ටෙයොංග්, හොසොක්  එක්ක දුවගෙන ආවා.. ආපු ගමන්ම හොසොක් ටේජුන් කුමරිය ව හයියෙන් අල්ල ගත්තා...

ටෙයොංග් දුවල ඇවිත් මගේ ගාව දණ ගැහුවා.. මට ඒ තරං අමාරු නෑ කියන්න වගේ මම ගොඩක් කාලෙකින් දැක්ක එයාට ලස්සනට හිනා උනා....

ඒත් එයා මගේ අත අල්ලං අඩන්න ගත්තා....

මං කරපු වරද මකරෙක්ට ආදරේ කරපු එකද.........

කවදාවත් අහලා නැති ගොඩක් දරුණූ කටහඩකින් ටෙයොංග් ටේජුන් කුමරිය දිහා බලාගේන ඇහුව.....

ඒක විතරක් නෙවෙයි. ඔයා කොල්ලෙක්. ඒක මතක තියා ගන්න...

හා.....  ටෙයොංග් සමච්චලේට හිනා උනා...

එතකොට කොල්ලෙක් ට ආදරේ දැනෙන්නැද්ද.... ආ.......

ආදරේ....විහිළු කරනවද මල්ලී......... මොන වගේ ආදරයක්ද කොල්ලෙක් එක්ක ඔයාට තියෙන්නේ...........   කවද්ද ඕම දේවල් දැන ගත්තෙ..... මොනාද මේ විකාර... ඔයාට ලෙඩ..

ටේජුන් ට කියන්න පුළුවන් උනේ එච්චරයි...... ඒ එක්කම  එයා හොසොක්ගෙ ඇඟට කඩං වැටුනා...

මම හොසොක් දිහා බලනකොට තමයි තේරුනේ එයා හිනා වෙනවා..

එයා කුමරියව සිහිය නැති කරවලා.....

.

.

.

🎑

Dragon [ TK] Short Story ✅ Where stories live. Discover now