කුමරිය දොර ගාවට යනකොට ටෙයොංග් දුවල ගිහින් දොර හරස් කලා... මගේ බෙල්ල තාමත් හොසොක් කියන හාදයාගෙ අත් වලට හිර වෙලා.
මටත් නොදැනීම මගේ ඇස් වලින් කඳුළු ගලං ගියේ මට බය හිතුන නිසා....
ඒ අස්සෙ ටෙයොංග් නුනාගෙ කකුල් දෙක අල්ලං බිම වැටිලා අඩනවා.. මට දැනුනෙ මගේ පපුවට පිහියෙන් අයිනවා වගේ.. ඒ එක්කම හොසොක් හයියෙන් කතා කලා.
සෙබලුනී......... මේ කොල්ලාව ගිහින් පහල හිර කරන්න.
ඒ එක්කම දොර ඇරගෙන ටෙයොග්වත් එහාට කරගෙන ආපු සද්ධන්ත සෙබලු තුන් දෙනෙක් මාව ඇදගෙන ගියා. මට ඇඩුනා.. මම ටෙයොංග් දිහා බලාගේන ඇඩුවා. එයා කෑ ගහලා අඬන්න ගත්තා..... ඔව්... මට ඇහෙන්නැති සීමාවට යනකංම එයා කෑ ගහනවා මට ඇහුණා....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.කාලෙ ගෙවිලා ගියා. මම කොච්චර වෙලා මේක අස්සේ හිටියද කියලා මට තේරුමක් නෑ. මාව ඇතුලට දාලා කකුල් වලට මාංචු දැම්මා.. වේදනාවත් දුකත් එක්ක මම මගේ මකර ස්වරූපයට ආවා... හයියෙන් කෑ ගගහා ගිණි පිම්බා.. ඒත් වැඩක් නෑ. මගේ වල්ගය ගාංචුවට හිර වේලා.. මම කොච්චර ගිණි පිම්බත් කලු ගලින් හදල තිබ්බ හිර ගෙට මුකුත් ම උනේ නෑ..
මට ඕන උනේ කෑ ගහලා අඬන්න.. මගේ පණ.... එයා දැං මොනා කරනව ඇද්ද.......එයාට තියෙන ප්‍රශ්න වලට දැං මමත් අලුතින් ප්‍රශ්න ගෙනත් දැම්මා.....
.
.
.මට මකරෙක් වෙන්න බැරි වෙන්න සෙබලු මගේ බෙල්ලට මායා වලල්ලක් ගෙනත් දැම්මා. දැං මට දැනෙන වේදනාව වත් පිට කරන්න බෑ... ඒවා ඇඟ ඇතුලෙම පිට වෙද්දි මට සෑහෙන්න අමාරු උනා... මම ඒම්ම පණ නැතිව බිමට වැටුනම ආපහු ඇහැරුනේ මට වතුර පාරක් වැදුන නිසා..
.
.
.
.එතන ඉස්සරහ හිටියේ හොසොක්.
.
.
.
.
.🎑
YOU ARE READING
Dragon [ TK] Short Story ✅
Fanfictionමං කරපු වරද මකරෙක්ට ආදරේ කරපු එකද? ඒක විතරක් නෙවෙයි. ඔයා කොල්ලෙක්. ඒක මතක තියා ගන්න......!!! [ Fantasy TK ff ] My short story - 03 ♡ Taekook ♡ By- 🐻 2021 - 12 - 22 & 25 ❌ Only fan fiction Imagination only