"එයා නම් හරි ලස්සනයි"
"එයාගේ හස්බන් මාර ලකී නේද"
"මට නම් එයාව දැක්කත් ඇති"
"ඔහ්හ් ඔයා දැක්කද එයා අර ලමයා දිහා බලපු විදිය"
දේශන ශාලාවේ ඇති කළු බෝඩ්එක පුරා පතරන්ගයක් මෙන් විශාල ගානක් හදන තරුණ මහචාර්යවරයා දිහා සිසුන් බලාගෙන ඉන්නේ තමන් ජිවිතේ ජිවිතේ දැක්ක පලවෙනි පිරිමියා දිහා බලාගෙන ඉන්නවා වගේ.
තරුණ මහාචාරයවරයා ජෝන් ජන්කුක්.
විශ්වවිද්‍යාලයේ කඩවසම්ම මහාචාර්යවරයා උනු ජන්කුක්ට කාගේත් ඇස් තමන් දෙසට යොමු කරගන්න එක අමාරු උනේ නෑ.
" ඔයාලා මේ සටහන දැන්ම පොත් වල ලියා ගන්න.. "
ලිවීමට විනාඩි පහලවක් පමණ ගත වෙන සටහනක් ශිෂ්‍යාවන්ට ලබා දුන් ජන්කුක් මේසය අසල ඇති පුටුවේ වාඩි වී බලාගෙන හිටියේ පළමු පිළියේ සිටින හුරු බුහුටි පිරිමිළමයා දිහායි.
ඒ ජෝන් ජිමින්.
ජන්කුක්ගේ හස්බන් වගේම ජන්කුක්ගේ හදවත සොරා ගත් ආදරය.
ජිමින් සැබවින්ම සුන්දර තරුණයෙක්.. ඒ සුන්දරත්වයට සමාන කල හැකි දෙයක් නැති තරම්..
විනාඩි පහලවක් විතර ජිමින් දිහා බලාගෙන හිටපු ජන්කුක්ගේ දැහැන බිදුනේ දේශනය අවසානයේ ඇසෙන සීනු ශබ්දය නිසා..
සිසුන් හැමෝම වගේ දේශනශාලාවෙන් පිටත් උනත් ජිමින් තවමත් එයා හිටපු තැන ඒ විදියට ඉදගෙන.අනිත් ළමයින්ට මේ සිදුවීම එතරම් අලුත් දෙයක් නෙවෙයි. හැමෝම වගේ මේ යුවලගේ සම්බදේ දන්න එකත් සමහර දවස් වලට ජන්කුක් ජිමින්ව දේශනශාලාවේ තනි කරගන්න එකත් සාමාන්‍ය දෙයක්.
ජන්කුක් ජිමින් හිටපු මේසේ ලගට ගිහින් ජිමින්ගේ මුණට බර උනත් ජිමින් හිටියේ ඩෙස් එක දිහා බලාගෙන.
"මට සමාවෙන්න.. මං ඒක කරේ ඔයාගේ හොදටනේ ජිමින්."
ඔව් ජිමින් හිටියේ ජන්කුක් එක්ක තරහින්. එයාගේ මතකේ තිබ්බා කලින් දවසේ රෑ ජන්කුක් කන්න නොදී එයාට පාඩම් කරවපු එක.
"මට බඩගිනියි.. මාව මැරෙන්න ඉස්සේල්ලා කන්න අරගෙන දෙන්න.."
ජිමින් හිනාවෙනකොට ගිලිලා හැංගෙන ඇස්වල කදුළු පුරවාගෙන ඇහුවත් ඊලග මොහොතේ ජන්කුක්ට හිනාගියේ මොන විදියට හිටියත් හිටියත් හුරතල් බව මතක් වෙලා...
___________________________________________________
හේහේ.....අලුත් එකක්🥲❤️
කැමතිනම් කියවන්න...බල කිරිමක් නැත😌
කියවන අය වෝට් කමේන්ට් කරන් ඉම්න ඉතින් ලෝභ නැතිව🥲🥲💜💛
#jasmine🌸
YOU ARE READING
𝚂𝚖𝚒𝚕𝚎 𝚊𝚐𝚊𝚒𝚗 || Jikook || [Completed ✅]
Fanfictionඔව් මම එයා වෙනුවෙන් හිනාවෙනවා.....🥀 started :- 2021 Dec 24 finished :- 2021 Dec 27 _STORY BY_ Jeon_Jasmine_