Smile again 🤍

460 161 33
                                    

ඊලග දවස උනේ ඉරිදා දවසක්.. ජන්කුක් වගේම ජිමින්නුත් නිදහසේ ඉන්න දවසක්.

නෑ ජිමින් නිදහසෙන් නෙවෙයි හිටියේ ජන්කුක් උදේ කෑමෙන් පස්සේ ජිමින්ට කියවන්න කියලා පොත් කිහිපක්ම ගෙනවිත් තිබ්බා..

පැය කිහිපයක්ම අභ්‍යාවකාශ විද්‍යාව ගැන තියන පොත් වලට හිරවෙලා හිටපු ජිමින් එයාගේ ලස්සන ඇස් යොමු කරේ ජන්කුක් දිහාට.. ජන්කුක් ඇදේ දිගා වෙලා කන්නාඩියත් දාගෙන පොතක් කියෝන ගමන් හිටියේ. ඉදගෙන හිටපු ජිමින් ජන්කුක්ගේ ඇග උඩට නැගලා පොත ඇස්සෙන් ඔලුව දාන ගමන් එයාගේ හුරතල් කම පෙන්නුවේ ජන්කුක් පොත පැත්තකින් තියලා ජිමින්ව බදා ගද්දි.

"මොකද"

"කම්මැලි"

"මට පුළුවන් තවත් ඔයාට පාඩම් වැඩ දෙන්න ඕනි නම්"

"අනේ පිලිස් ජන්කුක් තවත් නම් බෑ මගේ ඔලුවත් රිදෙනවා"

ජිමින් කිව්වේ මුණ ඇද කරගන්න ගමන්..

"ජන්කුක්.."

"ම්ම්ම්.."

"අපි නටමු.."

"හොද අදහස "

ජිමින් ආසම සින්දුව වාදන වෙන්න දාපු ජන්කුක් ජිමින්ගේ ඉනෙන් ඇදලා අරගෙන ජිමින් එක්කම තාලෙට අඩි තියන ගමන් පැද්දෙද්දී ජිමින් හයියෙන් හිනා උනා...

"මොකද හිනා වෙන්නේ"

"ඔයා ලස්සනට පද්දනවා ජන්කුක්."

"හ්හ් එහෙම තමයි"

ජන්කුක් එහෙම කියන ගමන් ජිමින්ව වටයක් කරකවලා එයාගේ ඇගට තද කරගෙන ජිමින්ගේ ලොලි පොප් සුවද තොල් සිපගත්තේ ආදරෙන්.. ජිමිනුත් ජන්කුක්ගේ ගෙල වටා අත් බැදගත්තේ හාදුවේ රසය තවත් වැඩි කරන ගමන්.

ඒ හාදුවා රාගයක් නැති ආදරේ ඇති එකක්..

________________________________________________

💜💛

#jasmine🌸

𝚂𝚖𝚒𝚕𝚎 𝚊𝚐𝚊𝚒𝚗 || Jikook ||  [Completed ✅]Where stories live. Discover now