Smile again 🤍

392 136 14
                                    

දැන් සති හතරක්ම ගත වෙලා.. ජන්කුක් එක දිගටම ගෙදරට වෙලා ජිමින් වෙනුවෙන් පිස්සෙක් වගේ වෙනකොට. ජිමින් වේදනාවෙන් කෑ ගහලා ඇඩුවේ කායි ජිමින්ට දෙන වේදනාවන් දාරගන්න බැරුව.

සති හතරකට පස්සේ ජන්කුක් විශ්ශවිද්‍යාලයට ගියේ මැරුණු මිනියක් වගේ. විශ්ශවිද්‍යාලට යනකොට ජන්කුක් දිහා සමහර ළමයි බලන් හිටියේ තැන් තැන් වල වට වෙලා රහස් සාකච්චා කරන ගමන්.

දේශනශාලාවෙදිත් ළමයින්ගෙ මේ හැසිරීම දරාගන්න බැරි උන නිසා ජන්කුක් හැමෝටම කෑ ගැහුවේ ඔක්කොම කේන්තිය ළමයි පිටින් යවන්න වගේ.

"තමුසෙලාට මොකක්ද වෙලා තියෙන්නේ අහ්හ්.."

ජන්කුක් කෑ ගහන ගමන් හේතු අහනකොට පිටිපස්සේම හිටපු පිරිමි ළමයෙක් ජන්කුක්ට අතට ෆෝන් එක ගෙනත් දුන්නේ වෙව්ලන ගමන්..

ඒ හිටියේ ජිමින්.. තමන්ට ඕනි හැමදේම අරගෙන ඕනි ජිමින්ව කායි විකුන්න වෙබ්ස්ට් එකක දාලා තිබුනේ හිතක් පපුවක් නැති විදියට..

සමහර විට අනිත් ළමයින්ට කලින් ජන්කුක් මේක දකින්න තිබ්බා නිතරම දුරකථනය පාවිච්චි කරන කෙනෙක් උනා නම්.

වෙලා තියන දේ තේරුම් ගන්න අමාරු නොවුණු ජන්කුක් පිරිමි ළමයාගේ ෆෝන් එකත් අරගෙන දිව්වේ

"සර් මගේ ෆෝන් එක දෙන්න"

කියලා කෑ ගහනකොට...

ෆෝන් එකේ තිබුණු ලිපිනේට ගිය ජන්කුක්ට දකින්න ලැබුනේ හුරු පුරුදු ගෙයක්..

ඒ තමන්ගේ සහෝදරයාගෙ ගෙදර

කේන්තියෙන් ඇස් රතු වෙද්දී ජන්කුක් ගෙදර දොරටත් පයින් ගහගෙන ගියේ වයින් බෝතලයක් හිස් කරමින් හිටපු කායි ගෙ ඇස් ලොකු වෙද්දී.

"ජ... න්.. කුක්.."

"කෝ කියපන් යකෝ ජිමින්.."

ජන්කුක් එහෙම කියන ගමන් කායිව තල්ලු කරේ වෙරිමතින් හිටපු කායි බිම වැටිලා පිස්සෙක් වගේ හිනා වෙනකොට..

"එයාව දැන් අරගෙන යනවා.. මට ඌව ඇති දැන්.. එත් අපරාදේ මගේ බිස්නස් එක "

කියලා ජන්කුක් කියද්දී ජන්කුක් කාමරේට ගියේ කායිගෙ බඩට පයින් පාරක් අමතක නොකර..

ජන්කුක් යද්දී ජිමින් හිටියේ ඇදක ගුලි වෙලා වෙනදා වගේම රත්තරන් පාට නුල දිහා බලාගෙන අඩ අඩ කතා කරන ගමන්.

"ජිමින්.."

ජන්කුක් ගෙ කට ඇහුනු ගමන් ජිමින් අමාරුවෙන් ඔලුව උස්සලා ජන්කුක් එක්ක හිනා උනා..

ඒ හිනාව හරිම වෙනස් හරියට

"කොච්චර වේදනාවකින් උනත් මම ඔයා එනකම් බලන් හිටියා" ජන්කුක් කියන්න වගේ..

හිනාවත් එක්කම ජිමින් ඇස් දෙකපියා ගත්තේ ජන්කුක් ජිමින්ව වඩාගෙන රෝහලකට දුවනකොට...

__________________________________________________

💜💛

#jasmine🌸

𝚂𝚖𝚒𝚕𝚎 𝚊𝚐𝚊𝚒𝚗 || Jikook ||  [Completed ✅]Where stories live. Discover now