EPISODE 08

252 86 8
                                    


" සංචි  joon phone  එක answer  කරන්නෙ නෑනේ.. " මංචියා ආවෙ නහයෙන් අඩාගෙන..

හ්ම්ම්... හිටාන්කෝ මං මගෙ phone  එකෙන් joon ට  msg එකක් දැම්මා..

Joon  වැඩක්ද ? මට ටිකක් කතා කරන්න ඕනෙ

විනාඩියක් , විනාඩි දෙකක් ගියා.. විනාඩි 10 ක් ම ගියා .. ඒත් මේ යකා පුදුම අලි ඔලුවෙන්නෙ ඉන්නෙ...අහු වුණොත් මං නියපොත්තෙ ඉදන් පට්ට ගහන්නේ...
විකාර හිත හිතම මට නින්ද ගියා..

වෙලාව පාන්දර  1.30  යි..phone  එක බෙරිහන් දෙනවා මෙලෝ සිහියක් නැතුව..

මොන කුම්භාණ්ඩයද යකෝ මේ රෑ වද දෙන්නේ..

හත්තික්කේ  jin . මෙච්චර රෑ වෙලා..මං ඇද උඩින් වාඩි වෙලා phone  එක answer  කරා..

" මොනවද  joon ට කියන්න තියෙන්නෙ "

යකෝ මූ ගහෙන් ගෙඩි එන්නා  වගේ ඒක අහපු විදිහ.  ඔයිට හොදයි මගෙ ඔලුවට පොල්ලකින් ගැහුවනම්.. හලෝ බලෝ මුකුත් නෑ...

" ජූන් ගෙ phone  එක වැඩ නෑලු "
නැත්තං මොකෝ මං කියන්නද මංචි මෙතන බූට් මදිනවා කියලා ..ජූන්ගෙ නම ඇහිච්ච පාර මංචි oneshot ඇදෙන් වාඩි වුණා..එයා තාම නිදි නෑ..

" පොඩි එකා තාම  hospital  එකේ.. දැනුයි oparation  එකට ගත්තේ.."

" ඇයි joon ට මොකද ?  කියනවා...."

" සංචි ඇයි ජූන්ට මොකද වෙලා තියෙන්නේ... සංචි කතා කරපන්කෝ... "  මං ඒක ජින්ට කියන්න කියලා කියනකොටත් මේකා phone  එක තියලා.. දැන් ඉතින් යන කැකිරි වත්තකින් යන්න කියලා මාත් ඒක තටමලා තටමලා කියාගත්තා..

අඩලා දොඩලා අන්තිමට මංචියා මට පොල් ගැහුවෙ නැති ටික විතරයි hospital  එකට ගෙනියන්න කියලා ... අන්තිමට කරන්නම දෙයක් නැතුව මං ජින් එවපු වාහනේට නැග්ගෙ ජනේලෙන් පැනලා ගිහින්..
Hospital  එකට ආපුවාම මංචියි ජිනුයි බදාගෙන අඩනවා.. ටේ නම් පේන්නවත් නෑ.. මං ඉතින් කණුවකට හේත්තුවක් දාහෙන උණහපුලුව වගේ ඒ දිහා බලන් හිටියා..  

ඒත් එක්කම ජින් ...
" මං ඕකුන් එක එකාගෙන් පලි ගන්නවා.." කියලා කිව්වෙ නැතෑ..

ජින් පිස්සුද ? අත කට පියන් ඉන්න බැරි මාත් hospital  එක කියලා නොබලම කෑ ගැහුවා..

Crazy  [ COMPLETED ] Where stories live. Discover now