ඔන්න මං ආයෙත් ආවා මේ මකුලු දැල් බැදිච්ච කතාවත් අරගෙන..
හෙන ගේමක් දීලා මාත් කතාව මතක් කර ගත්තේ..ඒ තරම් මතකෙ හොදයිනේ...මංචිගෙ ඔම්මා දුන්නු පත්තර කෑල්ලෙ තිබ්බෙ
" ප්රසිද්ධ ව්යාපාරික KIM SEOK JIN මහතා ඊයේ රාත්රියේ මැර ප්රහාරයකින්.."
එතනින් එහාට මට මුකුත් පෙනුනෙ නෑ..කදුලු ඇවිත් මගෙ ඇස් දෙක බොද වුණා..
හුස්ම ගත්තද නැද්ද කියලවත් මට මතන නෑ.. මට එහා පැත්තෙ ක්ලචස් දෙකට බර දීලා හිටිඅපු ජූන් කපලා දාලු කෙහෙල් ගහක් වගේ ඇදගෙන වැටුනා. ඔව්.. එයාට මේවා දරා ගන්න බැරුව ඇති .
මං ඇස් දෙක පියා ගත්තා.. තදින්ම පියා ගත්තා..ජින් ඔයා කොහෙද ? මගෙ ඇස් දෙක ඉස්සරහ මැවුණෙ ජින්ගෙ ඒ ආඩම්බරකාර රූපෙ විතරයි ..
ජූන් බිම ඉදගෙන අඩනවා. මංචි ඇවිත් මාව බදා ගත්තා. මං මුකුත් නොකිව්වෙ කැඩිච්ච බිදිච්ච මේ හිත හැදෙන්න." සංචි අපි මේ වෙන හැමදේම භාර ගන්නෝනෙ.. සමහරවිට ජින් ඔප්පා..එයි.."
" සමහරවිට නෙවෙයි එයා අනිවාරෙන් එයි..."මංචිගෙ අත අරන් මං මගෙ පපුවෙන් තියා ගත්තා..
" දැනෙනවද ජින් හුස්ම ගන්නවා..? එයාට එහෙම යන්නත් බෑ යන්න දෙන්නෙත් නෑ..මංචි ජින් එනවා. එච්චරයි මං දන්නේ.."
මංචිගෙ මූණ පුදුමෙන් පිරුනා .. ඔව් එයා හිතන්න නැතුව ඇති ජින් ගැන මෙච්චර විශ්වාසයක් ආදරයක් මං ගාව ඇති කියලා .." ඔව් සංචි උඹ හරි.. ජින් ඔප්පා උබව හොයාගෙන මෙහෙ එයි. දැං අඩන්නෙ නැතුව හිටපන්කෝ..."
" දැං උබ ගිහින් උබේ ප්රේම කුරුල්ලා නලව ගනින් අහ්.." මං කිව්වෙ මගෙ ඇස් දෙක පිහිදගෙන..
තප්පරේකටවත් මට හිතුන්නෑ ජින් ආයෙ එන්නෙ නැති වෙයි කියලා ..ඒත් ඒක ලොකු බයක් .ඒත් ඊට වඩා මට විශ්වාසයි ඒ නපුරු ආඩම්බරකාර ඇස් දෙක ..දවස කොහොම ගෙවුණද කියන්නවත් මට සිහියක් තිබ්බෙ නෑ. ඒ තරම් මං වැඩ කරා. හිත අමතක වෙලා යනකම්ම..
රෑ දහයත් පහු වෙලා..මං හිටියෙ ඉස්සරහ පඩියෙ ඉදගෙන අහස දිහා බලාගෙන..
මුලු අහසම අදුරුයි ..වැස්සක් වැටෙයි වගේ..ඒත් අහසෙ කොනක පුංචි තරුවක් මං දිහා බලන් ඉන්නවා..හුග වෙලාවක් මං ඒක දිහා වලන් ඉන්න ඇති. ඒකයි මං හරබොජි එනකනුත් දන්නෙ නැත්තෙ..

YOU ARE READING
Crazy [ COMPLETED ]
Sonstigesඔයාගෙ හාරත රෑජිනට බාල්දු වෙච්ච මගේ කලාබර හිත දැන් ඉස්කෝප්ප වෙලා පණ අදිනවා රුයිතෙට.. Broken angle 💔