" මේ දරුවගෙ වෙලාව ගන්න.."
යන්නතං ඇති දැනුයි හුස්ම ගත්තෙ මං..හරබොජි කැමති වුණා.." ඉන්න ඉන්න.." ජින් flash වැහිලා වගේ කාර් එකට ගිහින් ලැප් එක උස්සන් ආවා....
හරබොජි එයාලත් එක්ක කතා කරනකොට අපි දෙන්නා ඇවිත් කාමරේක නතර වුණා.
පස්සෙ මං හරබොජිට කතා කරන්න තමයි සාලෙට ගියෙ."අර දරුවා කවුද ? ව්‍යාපාර කරන්නම පිහිටපු අත් දෙකක්..ලොකු ව්‍යාපාරෙක අයිතිකාරයෙක් වෙයි.." ආරංචිය සතුටුදායක් වුණත් මගෙ කටේ කෙලත් හිදුනා..
මෙච්චරකල් බිස්නස් හැඩ්ල් කරේ ජින්.. දැන් ඒක කරන්නෙ ජූන් නම් ජින්ට මොකද වෙන්නෙ.. මං හයියෙන් හුස්මක් ගත්ත නිසා වෙන්නැති හරබොජි කිව්වෙ
" බය වෙන්නෙපා පුතේ මාස දෙකක් යනකං ඒ දරුවට අගුණයි කියලා .." සංචි ජූන්ට සනීප වෙයි නේද ? "
මංචිට දුක ඇති.." ඔව් . බං බය වෙන්නෙපා.ජූන්ට ඉක්මනට සනීප වෙයි..." මං සාලෙට ගිහින් බලද්දින් ජින් මිදුල දිහා බලන් ඉන්නවා..ජූනුත් මිදුල දිහා බලන් ඉන්නවා..බය වෙන්නෙපා ජූන් ඉක්මනට මේ අත් දෙකෙන් සනීප කරනවා.. එතකොට ජින් ඔයා මේ හදවතේ කොනකට වෙලා ඉදී..කවදාවත් අමතක නොවෙන මතකයක් වගේ..
මං උදේ මිදුලට යනකොට මං දැක්කා ජින් ජනේලෙන් මං දිහා බලන් ඉන්නවා.. මං දැක්කෙ නෑ වගේ ගිහින් හැමෝටම තේ හැදුවා.." සංචි වෙන ඇදුමක් ඇද ගන්නවා.. ඔය ගවුම කොටයි."මං බලද්දින් පිටිපස්සෙ බිත්තියට හේත්තු වෙලා හිටියෙ ජින්..ඇත්ත ගවුම ටිකක් කොටයි තමයි . ඔව් ඉතින් ඔම්මා ඉන්න කාලෙ ඇදපු ඒවනේ.ඒත් ඉතින් ඒක මොකටද මෙයාට..?
මං මුකුත් නොකියා ගස්සන් අහක බලා ගත්තා.. ඇයි මෙයාට සෙකන්ඩ් වෙන්න අපි පිටකොටුවෙද ? අහ්.. මේවා හොදට ගමේ අල බතල කාලා හැදිච්ච ඇගවල් අහ්.. ගේමනම් ගේම..ගැහුවොත් ගහනවා ගහන්න ආවොත් දුවනවා.. පයින් ගහන්නෙ . පයින්..
හවස අපි පන්සල් යන්න ලෑස්ති වුණා.. ඔව් ඉතින් ඉදලා ඉදලනෙ මං මෙහෙට ආවෙ..ඒකයි අපි තුන්දෙනාම පන්සල් ගියෙ.. මංචියි ජිනුයි මට පිටිපස්සෙන් මොනවද කතා කර කර ආවෙ.. ඔව් ඉතින් නෑනයි මස්සිනයිනේ.. මොනවද කතා කරන්න නැත්තෙ.. ඔව් දැං මංචි ජූන් ගැන හැමදේම දන්නවා..ජින් තාමත් මේ සම්බන්දෙට කැමතිනම් හැමදේම හොදට වෙයි..
පන්සල දැක්කාමනම් හිත ගැස්සුනා .. ඔම්මගෙ දානෙට ආවට පස්සෙ මේ ආවමයි..පන්සල තියෙන්නෙ පොඩි කන්දක් වගේ එකක් උඩ..අන්තිමට අපි වැදලා කරලා පහලට එනකොට ජින් කියපු දෙයක් නිසා මං එහෙම්ම ගල් ගැහුනා..
YOU ARE READING
Crazy [ COMPLETED ]
Acakඔයාගෙ හාරත රෑජිනට බාල්දු වෙච්ච මගේ කලාබර හිත දැන් ඉස්කෝප්ප වෙලා පණ අදිනවා රුයිතෙට.. Broken angle 💔