කාමරේට ගිහින් අල්මාරියට අත දැම්මාම තමයි මට වෙපන් එකක් අහු වුණේ..
ඒක අනිවාරෙන්ම ජින්ගෙ වෙන්නෝනෙ..දෙයියනේ.. මං මෙච්චර ජින්ට ලං වෙලා ඉදලත් මං කවදාවත් දැකලා නෑ එයාට වෙපන් එකක් තියනවයි කියලා ...
මට හිතුනෙ එක දෙයයි.. ජින්ට වෙපන් එක අමතක වුණාද නැත්තං එයා වෙපන් එක දාලා ගියාද ? ඕවා හිතහිත ඉද්දින් තමයි මට ඇහුනෙ මිදුලෙ car එකක් නවත්තනවා.. වෙපන් එක රෙදි ගොඩ අස්සට ගහපු මං සාලෙට යන්න හැදුවත් මට එක පාට්ටම මතක් වුණේ ගේ ඇතුලෙ ඉන්න ජූන්ව.." ජූන්.. ජූන්.."
ජූන් හිටියෙ සාලෙට එන ගමන්..මං එයාව ඇදන් ගිහින් කාමරේකට දැම්මා..එයානම් ෆුල් හොල්මන් වෙලා..මං ජූන්ගෙ අත්දෙකෙන් අල්ල ගත්තා.." ජූන් මේ අහන්න මොන දේ වුණත් ඔයා කාමරෙන් එලියට එන්නෙ නෑ එච්චරයි .. "
එහෙම්ම කාමරේ දොර ලොක් කරන් සාලෙට එනකොට ගෙදර හැමෝම සාලෙ..
මං මුලිම්ම දැක්කෙ මංචිගෙ මූණ.. හිතා ගන්න බැරි විදිහට මූණ ඇකිලිලා ගිහින්...ඊගාවට තමයි මං ආපු කෙනාගෙ මූණ බැලුවෙ..
විනාඩියක් විතර ඔබද ලක්ෂපති මමද ලක්ෂපති වගේ මායි ඒ කෙනයි මූණට මූණ බලන් ඉන්නැති.. ඔව් ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි .." අප්පා.."
කවදාවත් ජීවිතේටවත් හීනෙන්වත් ආයෙ දකින්න ලැබෙන්නෙපා කියලා හිතපු කෙනා..
මට මතක් වුණේ මංචිලාගෙ ගෙදර ඇවිත් මට කතා කරපු විදිහ..
" යං මාත් එක්ක.."
" අදම "
" මේ දැම්ම.."
මොකක්..?? මෙයත් එක්ක යන්න .. මේ මම.ජීවිතේට මට කතා නොකරපු එයා ඇවිත් මට කතා කරනවා එයා එක්ක යන්න එන්නලු..
මං බැලුවෙ හරබොජිගෙ මූණ දිහා.. එයත් අසරණ වෙලා වගේ..
අප්පා ගැන කවදාවත් මගේ හිතේ හැගීමක් තිබ්බෙ නෑ..මං තරහින් අහක බලා ගත්තා.." දෝණි කොහෙවත් යන්නෙ නෑ.."
ඔව් ඒ හරබොජිගෙ කටහඩ.. එයා හැමදාමත් මං වෙනුවෙන් ඉන්නවා.. ඒ ආදරේ වෙනසක් වෙන්නෙත් නෑ." කාටවත් මාව නවත්තන්න බෑ.මෙයාගෙ birth certificate එකේ අප්පගෙ නමට තියෙන්නෙ මගේ නමනෙ.. ඉතින් අප්පට දුවව ගෙනියන්න කාගෙවත් අවසර ඕනෙ නෑ.."
YOU ARE READING
Crazy [ COMPLETED ]
Randomඔයාගෙ හාරත රෑජිනට බාල්දු වෙච්ච මගේ කලාබර හිත දැන් ඉස්කෝප්ප වෙලා පණ අදිනවා රුයිතෙට.. Broken angle 💔