ඊට පස්සෙ තමයි අපි ඔක්කොටම වඩා බය වුනේ 👀 අපිට අඩි සද්දයක් ඇහෙන්න ගත්තා 👀 ඔව්.. හොදටම විශ්වාසයි ඒ අඩි සද්දයක් තමයි. ඒ වගේම ඒක එන්න එන්නම ළං වෙනව 👀
--
"ක්‍රිස්... ඒ ඇහෙන්නේ අඩි සද්දයක් නේද😳 "
"ඔව් මටත් ඇහෙනවා දැන් අපි මොකද කරන්නේ 🥲"
අපි දෙන්නා ම කතා කලේ රහසින්. දැන් අඩි සද්දෙ ඇහෙන්නෙ හොදටම ළගින්. අපි ඉක්මනට ම ඇදුම් ආපහු ඇදගත්තත් එලියට දුවන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ වැස්ස නිසා. ලාරා හිටියේ බයටම මට තුරුල් වෙලා 🥺
"ඕනි එකක් කියලා අපි වැස්සෙම යමුද ක්‍රිස් 🥺 මටනම් තව විනාඩියක් වත් මෙතන ඉන්න ඕනි නෑ" #ලාරා
මටත් ඒ අදහස හොඳයි කියලා හිතුනා. අපි ඉක්මනින් නැගිටලා එලියට දුවන්න හදද්දී ම... අපිට පිටිපස්සෙන් කවුද කතා කලා...
ඇහෙනකොටත් බය හිතෙන ගොරෝසු පිරිමි කටහඬක්."ඔහොම නවතිනවා.."
අපි වචනයක් වත් කියාගන්න බැරුව , පිටිපස්ස හැරිලා බලන්න ත් බයෙන්, හිටපු තැනම ගල් වෙලා හිටියා. ලාරා හයියෙන් මගෙ අතේ එල්ලිලා.එයාගෙ අත වෙවුලනවා මට හොඳට දැනෙනවා.. ඒත් එක්කම අර මිනිහා ආපහු කතා කලා."කෝ මේ පැත්ත හැරෙනවා. කවුද ඔය"
ඒ කටහඬ ට දැනුණ බයටම අපිව ඉබේටම අනිත් පැත්ත හැරවුනා.එකපාරටම ඒ සුදුමැලි මුනේ මට දැනුනේ දැකලා පුරුදු ගතියක් 😳 ඒත් කවුද ඒ... මොහොතක් ගියා මට ඒක මතක් වෙන්න. මගේ හීනේ ඉඳපු කෙනා.. ලාරාගේ ලේ බොන්න හදපු😳 දෙවියනේ එතකොට කවුද මේ.. මන් එයාව ඊට කලින් දැකලා තියද😳 අපි අතරේ මොහොතකට ඇති උනේ ලොකු නිශ්බ්දතාවක්. ඊළඟට එයා කතා කලා.
"ක්‍රිස් ඔයා?😳"
මොකක්. මේ මිනිහා කොහොමද මගේ නම දන්නේ.
"ඔ... ඔයා ක...කවුද"
මන් බයෙන් ඇහුවා.
එයාගේ මුණේ තිබුණ භයානක පෙනුම නැති වෙලා ගිහින්. එයා අපි ළගට ඇවිදන් ආවා."ක්‍රිස් ඇත්තටම මේ ඔයද.."
"ඔව් මගේ නම ඒක තමයි ඒත් ඔයා කොහොමද මගේ නම දන්නේ?🥲"
YOU ARE READING
I Wanna Bite You [completed] [sinhala] [girlxgirl]
Teen Fictiongirlxgirl (GL)story එකක්🖤 #2 in highschool (13.09.2021) #3 in teen (22.09.2021) 18+ තියනව ටිකක් විතර... කියවන්න අමාරු කෙනෙක් ඉන්නවනම් කියවන්න එපා 🥰 හැබැයි ඉතින් අදාල චැප්ටර්ස් ස්කිප් කරල කියවන්න වුනත් පුලුවන් ඔයාලට 🥰 ස්ටෝරිය ගැන ටිකක් කියන්නත් හ...