𝕔𝕙𝕒𝕡𝕥𝕖𝕣 𝟚𝟚

574 61 14
                                    


...........

"මොකක්" එයා එක පාරට මන් දිහාට හැරුනා. මන් බයෙන් බිම බලාගනයි හිටියෙ.

"ඒ කිව්වෙ?🤷‍♂️"

"අහ් ම්ම්ම්... ඔයා දන්නෙ නැද්ද.. ඒ කිව්වෙ ... ම්ම්ම්.. මන් කැමති girls ලට..." මන් බිම බලාගනම උත්තර දුන්නා.

එයා කන එක නවත්තල මන් දිහාවට හැරුනා. එයා ටික වෙලාවක් මන් දිහා බලන් හිටියා. මට ඒ ටික වෙලාව දැනුනෙ කල්පයක් වගේ. ඊට පස්සෙ එයා කතා කලා.

"අම්මා මේ ගැන දන්නවද ?"

"නෑ මන් මුලින්ම කිව්වෙ ඔයාට 😞"

"ම්ම්ම්ම්.... ඇත්තම කියනවනම් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් අම්මා ඒක ගැන මොනව හිතයිද දන්නෙ නෑ 😶අනික ඉතින් .. ඉස්සරහට මොන විදිහෙ ප්‍රශ්න එයිද දන්නෙ නෑ ඕක නිසා... "

"අනෙහ් thanks තාත්ති... මන් දන්නව මට ප්‍රශ්න ගොඩක් එන්න පුලුවන් කියලා.. ඒත් ඉතින්, මන් කොහොමද ඒක වෙනස් කරන්නෙ 🥺"

"ඔව් ඔව් මට ඔයාව තේරුම් ගන්න පුලුවන්... අපි බලමුකො ඉස්සරහට 😊 කොහොමත් මන් මුකුත් ආගමක් අදහන කෙනෙක් නෙවෙයි vampire කෙනෙක් වුනාට පස්සෙ, ඒ නිසා මන් ඒවගෙ දේවල් වලට විරුද්ධත්වයක් නෑ" එහෙම කියල එයා මාව hug කලා. මට දැනුනෙ ලොකු සතුටක්.

"ම්ම් තාත්තෙ තව දෙයක්... මට GF කෙනෙක් ඉන්නව 🥺"

"එහෙමද... ඒ කවුද "

"මේ.. අර මගෙ යාලුවා... එදා ඔයත් එක්ක කතා කලේ. Lara.."

එතකොටම අම්මා ආපහු අපි ඉදපු තැනට ඇවිදගන ආව. එතනින්ම ඒ කතාව නැවතුනා. තාත්තා කිව්ව කතාව ඇත්ත. එයා vampire කෙනෙක්, vampires ලව විනාස කරන බලය තියෙන්නෙත් ක්‍රිස්තියානි ආගමට , කුරුසියට. ඒ නිසා එයා තවදුරටත් ආගම අදහන්නෙ නැති එක සාදාරනයි. මිනිස්සු කියන විදිහට බයිබලය තමයි LGBT වලට විරුද්ධ.

ඒත් අම්මා තාත්ත වගේ නෙවෙයි. එයා හොද ක්‍රිස්තියානි භක්තිකයෙක්. ඒ නිසා එයා මේක ගැන කොහොම හිතයිද කියල කියන්න බෑ. අනිත් එක අම්මා ලංකාවෙ කෙනෙක්නෙ. ලංකාවෙ සන්ස්කෘතියෙ හැටියටත් ඒව වැරදියි කියල හිතනවද දන් නෑ නෙ එයා. ඒ නිසා දැන්ම අම්මට මේ ගැන නොකියා ඉන්න එක තමයි හොද.

I Wanna Bite You [completed] [sinhala] [girlxgirl]Where stories live. Discover now