මම දන්නවා මම හිතන දේ වැරදියි කියලා... ඒත් ... ඒත් මම ආසයි ඒ සැහැල්ලු බවට... ඇත්තටම එයා නිසා මට ආයෙත් පරණ තත්වෙට එන්න ලැබුනොත්....දවල් මම එයාව දැක්කා... ඒත් මම හිතලම විශේෂයක් නොපෙන්නුවේ එයාගේ රස්සාව නැතිවෙයි කියලා....
ඒත් මම හිත හිතම මෙතෙන්ටම ආවා... එයාගේ කාමරේ ඉස්සරහටම...
මොනා කරන්නද මොනා කියන්නද කියලා දන්නේ නෑ... ඒත් බැනුම් අහන්න හරි කියලා මම දොරට තට්ටු කලා...එයා මාව ඇතුලට ගනී කියලා මම හිතුවේ නෑ... හ්හාඅ ඊයේ මම හැසිරුන විදියත් එක්ක....
" මොකක්ද මගෙන් වෙන්න ඕනි ටේහ්‍යුන් ශී.. "
එයා මගෙන් එහෙම ඇහුවත් මම දන්නේ නෑ මම කොහොම කියන්නද කියලා..." මට ඔයාත් එක්ක නිදාගන්න දෙනවද... "
ආහ්... ඇයි මම එහෙම කිව්වේ.... ඒත් වෙන කොහොමද මම ඒක එයාට කියන්නේ...
එයා බය උනා... ටිකක් නෙවෙයි ගොඩක්... ඇත්ත තමයි... මම කිව්වේ මහ මෝඩ වචන ටිකක්....
" අහ්... අනේ එහෙම නෙවෙයි... වැරදියට හිතන්න එපා... මට ඕනි ඔයා එක්ක නිදියගන්න නෙවෙයි... අහ්... ඒත් ... "
මම කරන්නේ එයාට තවත් පටලවන එක... කොහොමද මම මේක කියන්නේ... එයා නම් කැමති වෙන එකක් නෑ...." ටේහ්‍යුන් ශී ... ඔයා කියන්න හදන්නේ මොකක්ද... "
එයා කලබල වෙලා හිටියත් මගේ අදහසට කන් දුන්නා... සමහරවිට එයා මාව තේරුම් ගනීවි..." ඇත්තටම මම... මට insomnia තියෙනවා... දැනට අවුරුදු නවයක වගේ ඉදන්... නින්ද කියන්නේ මොකක්ද කියලා වත් මම නොදන්න තරම්....
ඒත්... ඒත් ඊයේ රෑ .... ඇත්තටම නින්ද කියන්නේ ගොඩක් සැහැල්ලු දෙයක් කියලා මට දැනුනේ ඊයේ.... ඒත් මට සමාවෙන්න ඔයාගේ අවසරය නැතුව මම ඔයාගේ ලගින් නිදාගත්ත එකට.... "
මට පුළුවන් උනේ බිම බලාගන ඔය ටික කියලා දාන්න... එයා ගේ ඇස් දිහා බැලුවා නම් මට මේ එක වචනයක් වත් එන එකක් නෑ....
එයා හරිම සන්සුන්ව අහන් හිටියා... මම පුදුම වෙන තරම්...
" ඩොක්ටර්ස් ලා කිව්වා... මම ටික දවසකට මගේ ශරීරයට නින්දක් දුන්නොත් මගේ ශරීරය ඉබේම ඒකට හුරු වෙනවා කියලා... "
" මට සමාවෙන්න .. මම ඔයාගෙන් ඉල්ලන්න යන්නේ නොඉල්ලිය යුතු ඉල්ලීමක්... "
එයා මාව තේරුම් ගත්ත බවක් පෙනුනත් මට හිතාගන්න බෑ එයා කැමති වේවිද කියලා....
සමහරවිට මට බැනලා එලියට දායි... ඒත් මට ලැබුන එකම බෙහෙත මේ ක්‍රමය විතරක් නම්....~ Kim Taehyung ~
.
.
.__________________________
තව කොටස් කීපයක් තියේවි...
එන්නම් හෙට තවත් කොටස් අරන්... දවසට මම තුනක් හෝ හතරක් දෙන්න උත්සාහ කරන්නම්.... 😊😊
Borahae 💜️💜️
__Candy__
YOU ARE READING
No Romance 🍁 ( Short Story ) ✔️
Fanfiction|| Taehyung Birthday Special || || short chapters and short story || Their love began in one room .. Within one week .. But without Romance .. So... Will they be able to love or live together in whole life... ?? Will the end be Happy ? OR . . . 🍁...