අවුරුදු දෙකකට විතර පස්සේ තමයි අපි LA ආවේ... මෙහේ කාලගුණය නම් ටිකක් සීතලයි...මේ පාරත් වැඩ ගොඩක් ලෑස්ති කරන් තමයි අපි මෙහෙ ආවේ.. අද දවසේ නම් මොනාත් තිබුනේ නෑ... හ්‍යුන්ලා නම් නිදාගන්නත් ගියා... හ්ම්ම්... ඒත් ඉතින් මම නිදාගන්න උත්සාහ කරලා වැඩක් නෑ... මොකද...
මට නින්ද යන්නේ නෑ... කාලෙක ඉදන් තිබ්බ insomnia නිසා මට නින්ද යන්නේ නෑ... එයාලා නම් කිව්වේ මොකක් ම හරි හේතුවක් හම්බ වේවි මට නින්දක් ලැබෙන කියලා..
ඒත් අද වෙනකන් මට එහෙම කිසිම බලාපොරොත්තුවක් ලැබුනේ නෑ.... ඒත් එහෙමයි කියලා මම Rooftop එකට වෙලා හීතලේ ඉදලා මොනා කරන්නද... ඒ නිසා මම අනිත් කට්ටියත් නිදිද බලලා කාමරේට එන්න හැරුනා...
ඇත්තටම කාලෙකින් අපි Concert එකක් කරන සතුට නිසා අපි කට්ටිය පොඩ්ඩක් වයින් තොල ගෑව නිසා මට ටිකක් වෙරි ගතියයි....
කොහොමත් මම ඉක්මනට වෙරි වෙන කෙනෙක්... ඒකටත් සමහරවිට insomnia හේතුවක් වෙන්න ඇති....බාගෙට පියවෙන ඇස් එක්ක මම කාමරේ දොරත් ඇරන් ඇතුලට ගියා... කොච්චර වෙරි උනත් මම දන්නවා මට නින්ද නොයන බව... එහෙම දැන දැනත් මම ඔහේ ඇදට වැටුනේ හැමදාමත් වගේ නින්ද යාවි කියලා මාවම රවට්ටන බලාපොරොත්තුව ගොඩනගා ගන...
ඒත් මට දැනුනේ මහ අමුත්තක් ...
හරියට...
හරියට නිකන්....
නිදිමතක් වගේ....
ඔව්.. මට නිදිමතයි... නින්ද මාව වෙලාගත්තා... ඒ අමුත්ත නිසාම මට හොදට නින්ද ගියේ හේතුව කල්පනා කරන්නවත් අවස්තාවක් නොදීමයි.....
මම අවුරුදු ගානකට පස්සේ නින්දක් අත්වින්දා.... ඒත්...
ඒත් ඒ.... කොහොමද.... ?
~ Kim Taehyung ~
.
.
.___________________________
කතාව ගොඩක් දිග නෑ... මම පුළුවන් ඉක්මනට update දෙන්නම්...
අද තව එකක් දෙන්න පුළුවන් වෙයි.. 🌝Insomnia කියන්නේ ලමයි නින්ද නොයන ලෙඩකට... රැට නින්ද නොයාම තමා ඒ නමින් හදුන්වන්නේ....
කුමාඕ පැටවු Vote , Comment වලට.. 😘♥️
__Candy__
ESTÁS LEYENDO
No Romance 🍁 ( Short Story ) ✔️
Fanfic|| Taehyung Birthday Special || || short chapters and short story || Their love began in one room .. Within one week .. But without Romance .. So... Will they be able to love or live together in whole life... ?? Will the end be Happy ? OR . . . 🍁...