ඇත්තටම නින්ද කියන්නේ ගොඩක් සැහැල්ලු දෙයක්... ඊයේටත් වඩා හොදට අද මට නින්ද ගියා.... ඒත් මාව ගැස්සිලා ඇහැර උනා...දෙයියනේ එයා හිටියේ මට ගොඩක් ලගින්..
" ඔහ්..."
මම එයාගේ අත අල්ලගනද හිටියේ... ආයිශ් මොනා හිතුවද දන්නේ නෑ... අනේහ් මම හිතලා නෙවෙයි.....අපි දෙන්නගෙන් එක්කෙනෙක් වත් කතා කලේනෑ...
" අහ්... ම මම යන්නම්.... "
මම ඉක්මනට ඇදෙන් බැහැලා එන්න ආවේ ඉක්මනට කාමරේට යන්න තිබ්බ උවමනාවට වඩා එයාට මූණ දීගන්න බැරිකමටමයි....දවස ගෙවුනා... එයාත් මට කිසිම වෙනසක් පෙන්නුවේ නෑ... මං වගේම.. ඒත් විටෙන් විට මගේ හිතෙන් මම අහපු ප්‍රශ්නේ උනේ....
" මම මේ කරන්නේ මොකක්ද ? "
ඇත්තටම මම එයාව ප්‍රයෝජනයට ගන්නවාද මේ.. ?
අදත් රෑ මම හොරෙන් කාමරෙන් පැනලා එයාගේ කාමරේට ආවා... එයා හිටියේ කාමරේ එහෙ මෙහෙ ඇවිද ඇවිද කල්පනා කර කර...මං ආව ගමන් එයා දුවලා ඇවිත් මාව ඇතුලට අරන් දොරත් වැහුවා....
" ඇයි පරක්කු උනේ... මම හිතුවා කාට හරි අහු උනාද කියලා... "එයා බය වෙලා... ඒත් ඇයි... ?
එයා මං ගැන වද වෙන්න පටන් අරන් ද.... ?ඇද උඩට වෙලා මම තොලත් හප හප හිටියේ එයාට නින්ද යන කන්... ඒත් එයත් නිදාගන්න පාටක් නෑ....
" ඔයා හැදුනේ වැඩුනේ සම්චොන් එක්කද.... ?"
මගේ ඔලුවට ඒක නිකන් ආව ප්‍රශ්නයක් උනත් මම ඒක එයාගෙන් ඇහුවේ එයත් එක්ක ටිකක් කතා කරන්න ඕනි කියලා හිතුන නිසා...." ආනි... අප්පා ඉන්නකන් මම හිටියේ එයා එක්ක... ඒත් අප්පා නැති උනාම ඔම්මාවයි මාවයි බලාගත්තේ සම්චොන් ... "
" ඔහ්...එයා ඇත්තටම මා එක්ක කතා කලා... ඒත් අනේ මන්දා.. මේක මහ අමුතුයි.... තවත් ගෑනුලමෙක් එක්ක නිදාගන්න එක.. "
~ Kim Taehyung ~
උදෙන්ම එයා නැගිටලා ගියා... මමත් ඉක්මනට ලෑස්ති උනා... අපි දෙන්නා පුළුවන් උපරිමයෙන් හැසිරුනේ නොදන්න ගානට....
ŞİMDİ OKUDUĞUN
No Romance 🍁 ( Short Story ) ✔️
Hayran Kurgu|| Taehyung Birthday Special || || short chapters and short story || Their love began in one room .. Within one week .. But without Romance .. So... Will they be able to love or live together in whole life... ?? Will the end be Happy ? OR . . . 🍁...