ඇත්තටම මම බය උනා...
මාත් එක්ක නිදාගන්න ඕනි කියද්දි කවුද බයනොවෙන්නේ... ඒත් පෙනුන විදියට එතන තිබුනේ වෙන ප්‍රශ්නයක් ...මාවත් ගැස්සුනා උනත් එයාගේ මූණේ තිබ්බ අසරණ කම නිසා මට හිතුනා එයාට උදව් කරන්න ... මට පුළුවන් දෙයක් නම් මම කරලා දෙනවා.... මම එහෙම හිතලා එයාගේ කතාවට කන් දුන්නා....
" ටේහ්‍යුන් ශී ...ඔයා කියන්න හදන්නේ මොකක්ද... "
මම එහෙම අහද්දි එයා බිම බලාගනම ඒක මට කිව්වා... ඔහ්... අවුරුදු නවයක් එහෙම ඉද්දි ඇත්තටම ඒක තිත්ත වෙන්න ඇති..." මට සමාවෙන්න .. මම ඔයාගෙන් ඉල්ලන්න යන්නේ නොඉල්ලිය යුතු ඉල්ලීමක්... "
එයා ඒහෙම කියලා මගේ ඇස් දිහා බැලුවා... ඇත්තටම එයාට උදව් කරන්න තියෙනව නම් හොදයි කියලා මට හිතුනේ...
" මට .. මේ ගෙවෙන දවස් කීපේ ඔයාගේ ලගින්, ඔයාගේ ඇදේ නිදාගන්න දෙනවද... "
එයා ඇහැකුත් පොඩි කරන් අහකට හැරෙන්න ඇත්තේ මම ගහයි කියලා හිතලද....ඒත් මම ටිකක් පුදුම උනා... මගේ ලගින් නිදාගන්න එකද එයාගේ ලෙඩේට තියෙන පිලියම.... ඒත් ....
" ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් එරිකා... ඒත් ඔයා අකමැති නම් මම බල කරන්නේ නෑ... "
මම ටිකක් වෙලා කල්පනා කරද්දි එයාට හිතෙන්න ඇති මම ඉන්නේ මේ වැඩේට ඒ තරම් කැමැත්තෙන් නෙවෙයි කියලා...ඒ නිසා එයා ලාවට හිනාවක් දාලා යන්න හැරුනා...
" මම උදව් කරන්නම්... "
මටත් නොදැනම ඒ වචන ටික මගේ කටින් පැන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ... එයාගේ අසරණ කම නිසාද... නැත්තන් එයාට උදව් කරන්න මගේ හිතේ අකමැත්තක් ඒ හැටි තිබ්බේ නැති නිසාද.....
මොනා උනත් ටේහ්‍යුන් ශී ගේ මූණේ ඇදුනේ ලස්සන හිනාවක්...ඇත්තටම එයා පොඩි එකෙක් වගේ...
මම එයාගේ උදව් කාරයෙක් උනත් එයා මට කීප පාරක්ම ඔලුව නවලා ස්තූති කලා... අසරණ කම පන්ති අනුව වෙනසක් වෙන්නේ නෑ නේ...
මමත් දන්නේ නෑ ඊලග තත්පරේ මම මොනවා කරන්න ද කියලා..ඒත් මාත් පෙරලා හිනා උනා... මොකද ... ඇත්තටම මට එයාව විශ්වාස කරන්න පුළුවන් කියලා දැනුන නිසා....
~ Kwon Erica ~
.
.
.___________________________
ඇත්තටම මේක හංගන් හිටිය අදහසක්.. මම දන්නේ නෑ හොදද කියලා නම්... හී...
Borahae 💜️💜️
__Candy__
BINABASA MO ANG
No Romance 🍁 ( Short Story ) ✔️
Fanfiction|| Taehyung Birthday Special || || short chapters and short story || Their love began in one room .. Within one week .. But without Romance .. So... Will they be able to love or live together in whole life... ?? Will the end be Happy ? OR . . . 🍁...