( සමාවෙන්න රත්තරං කකුල් දෙක කැඩුවට 😭😭😭 )
An pov
උමාට ඉතුරු ටික කියන්න වුනේ නැහැ . කාමරේ ඉදලා කෑ ගහගෙන ආවේ . ජිමින් , ජිමින් නැම්ජූන් ව දැක්කා විතරයි එතනම ගල් ගැහුනා . නැම්ජූන් නුත් එහෙමයි .
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ජිමින් - හි..හියුන් ...............🥺
නැම්ජූන් - ජි ...ජිමි...ජිමිනා..මගෙ මල්ලි
ජිමින් - හියුන් .. ඔ.....යා ....ඔයා කොහොමද මෙහෙ .
නැම්ජූන් - ඒකෙන් වැඩක් නැ මට කියනවා තමුසෙලාට මටවත් , ජින් හියුන්වත් කියන්න තිබුණේ නැද්ද ආ කියනවා 😡😡😡
නැම්ජූන් mind ...........................................
දෙයියනේ මගෙ කොල්ලට ඇවිද ගන්නවත් බෑ මගෙ කොල්ලා අනේ මගෙ පොඩි එවුන් ගැන හොයන්න තිබුණා . ජින් හියුන් දැක්කනම් හියුන්ට පිස්සු හැදෙයි . 🥺🥺
අනේ ඒකට මේ යකා අහන එක හියුන් ඔයා කොහොමද මෙහෙ කියලා අහනවා ගලෝනවා අම්මප දත් ටික මුගෙ 😡
............end mind ........................................Jimin - හියුන් මට ...........මට සමාවෙන්න . මට ඔයාලට කරදර කරන්න හිතුනේ නැහැ . මට ආරන්චි වුනා ඔයයි නුශි නූනයි බැන්දා කියලා ඒ නිසා මන් බූසාන් වල ඉන්න තීරණය කලේ 🥺
නැම්ජූන් - උඹ හිතුවේ කොහොමද මේ අයියට උබ මට බරක් කියලා කියහම් කොහොමද ජිමිනා . ම...මගෙ පණට වඩා ඔයාලට වඩා ආදරෙයි . මන් ඒ ආදරේ පෙන්නුවේ නැති වුණාට . මගෙ දුර්වලතාවන් තියනවානම් මගෙ මල්ලිලා විතරයි තේරුනාද . උබලගෙ අයියට උබලව බරක් නෙවෙයි .
ජිමින් - හියුන් ඔ....ඔයා අඩනවද . 🥺😭😭 මට සමාවෙන්න හියුන් .
an pov
ඔයාලට අයියා කෙනෙක් හිටියනම් මේ දේ හොදටම දැනෙන්න ඕන අයියා කෙනෙක් අඩනවා දැකලා තියෙයි ද මන් අහලා තියනවා අයියා කෙනෙක් ගෙදර දෙවනි තාත්තා කියල . මම වුනත් මොන ආත්මෙක හරි පව් කරලා ඇති මට අයියා කෙනෙක් නැතිවෙන්න . මට ඒ තනිකම දැනිලා තියනවා අයියා කෙනෙක් නැති . මට අනික් අය එයාලගෙ අයියත් එක්ක යද්දි මට දැනෙනවා අහිංසක ඉරිසියාවක් ඉතිම් . මට මගේම අයියලා නැති වුනාට අයියල ඉදලා තියනවා . එයාලා අඩද්දි මගෙ පපුව පිච්චිලා යනවා එක සැරේ පපුවට පිහි දාහකින් අනිනවා වගේ . ඉතිම් ජිමින්ට කොහොම දැනෙන්න ඇතිද එයා ඉස්සරහා කවදාවත්ම අඩලා නැති නැම්ජූන් අද එයා නිසා අඩනවා කියලා දැනුනහම . ඒක දැනෙන්නේ හැගීම් වලට ආදරේ කරන කෙනෙකුට විතරයි .
end an pov
Nam joon - හරි මන් මගෙ මල්ලිලා එක්ක තරහා වෙලා ඉදලා නැ . හරි දැන් කියන්න අර අතන මා දිහා කන්න වගේ බලන් ඉන්න කෙල්ල කවුද කියල . ම්ම්ම් 🤨
ජිමින් - ඒ මගෙ වයිෆ් හියුන් . මගෙ නෝනා පොඩ්ඩ . එයාගෙ නම උමා . 😅😘
නැම්ජූන් - ඒත් මෙයා මෙහෙ කෙනෙක් නෙවෙයි නේ .
ජිමින් - ඔව් එයා sri lankan ගර්ල් කෙනෙක් .
නැම්ජූන් - හම්බුනේ . 🤨
ජිමින් - මගෙ කකුල් දෙක නැතිවෙලා හොස්පිටල් එකේ ඉද්දි කැව්වේ, නෑව්වේ මෙයා , මෙයා මට මගේ ජීවිතේට වඩා වටිනවා 😘, දැන් හියුන් අහන්න හදන්නේ මෙයා හොස්පිටල් එකට කොහොමද අවේ කියල නම් She is a doctor 😶
( අඩෝ උමා තෝ ජිමිනාව නෑව්වද වාවන්නේ නෑ අපිට කොහෙද එහෙම චාන්ස් )
nam joon - කෝ එතකොට මගෙ අනික් කොල්ලෝ දෙන්නා .jimin- හියුන් අ..අපි ඒ ගැන පස්සේ කතා කරමුද ?
නැම්ජූන් - පස්සේ කතා කරන්න දෙයක් නැ ජිමින් , මන් දන්නවා මගේ පොඩි එවුන් දෙන්නාගෙන් එක්කෙනෙක් මේ ලෝකේ නැ . කියලා ඒනිසා මට කියන්න මගෙ පොඩි එවුන් දෙන්නට මොකද වුනේ කියලා. මන් උඹට වැදලා කියන්නම් ජිමිනා කියහම් මට . 🥺
ජිමින් - වදින්න ඔනී නැ හියුන් , මන් කියන්නම් ඊට කලින් වාඩිවෙලා කොපි එකක් බොන්න ප්ලීස්, මට නැගිටින්න පුළුවන් නම් හියුන්ව බදා ගන්න අනේ හියුන් , ඉස්සල්ලා සන් සුන් වෙන්න 🥺
නැම්ජූන් - හරි මන් සන්සුන් වුණා . කියහම් මොකද වුනේ මගේ මල්ලිට .
ජිමින් - හියුන් එදා...කොලේජ් එකෙන් අයින් වුණාට පස්සේ . මමයි ,ටේහ්‍යුන්ග් නුයි, ටේහ්‍යුන්ගේ මල්ලි ජේකේයි ගුවාන්ජු ගියා ..............................................
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
හායි ළමයි කොහොමද
ලැබුවාවු අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !බය වෙන්න එපා කොරෝනා වලින් පිච්චිලා ඉඩෝරයට අහුවෙලා හිටිය කාලේ නැතිවෙලා , වැස්සක් වැටෙනවා මයි අපේ හදවත් නිවෙන්න ! ❤
YOU ARE READING
Legal or Illegal 🚫⁉️️
Actionනීතිය හා අනීතිය තුළ දෝලනය වන ජීවිත . මන් හදන්නේ සමාජයේ තියන එක පැත්තක් පෙන්නන්න විතරයි . ඔයාලා කියවලා බලන්න මන් බලකරන්නේ නැහැ 🚫DON'T COPY MY WORK 🚫 හැමදාම නීතිය අපි එක්ක සෙල්ලම් කලානේ , අපි නීතිය එක්ක සෙල්ලම් කරමු 😏 18 + නෑ හරිද🔞