"ඇකඩමි එකක්?"
ටේහ්‍යුන් දුන් කාඩ්පත එහෙ,මෙහෙ හරවමින් කල්පනාවක ගිලී මද වේලාවක් සිටි ජන්කුක් නැවත එය පසෙකින් තබා තම අතට පොතක් ගෙන පාඩම් කිරීමට අවධානය යොමු කිරීමට සැරසුනත් ඔහුගෙ මනස තුළ නිතරම සැරිසැරුවෙ අර කඩවසම් අමුත්තා පැවසූ වදන්ය.ඔහු බොහොම අමුතු අයෙක්.පෙනුමින් වැදගත් වගේම වත්පෝසත්කම් ඇති පුද්ගලයෙකු ලෙස පෙනුනත් වැඩි වයසක් නැතත් ඔහු පරිණත මෙන්ම අමුතු ගුප්ත අයෙක් ලෙසටයි ජන්කුක් හට ඔහුව පෙනුනෙ.
කෙසේ හෝ ටේහ්‍යුන් කියපු ස්ථානයට එදින ගොස් වර්ෂාවෙන් ආවරණය වී අවන්හලත්,ඔරලෝසු සාප්පුවත් අතර බිත්තියට හේත්තු වී ගීත ගායනා කළ ජන්කුක් හට එතනට රැස් වන සෙනඟගෙන් වෙනදට වඩා යම්තාක් වැඩි මුදලක් උපයා ගන්න පුලුවන් වුන නිසා ජන්කුක් මෙතරම් කල් ඉතිරි කරපු මුදලුත් එක්ක එදින සවස ඔහුට තම මවගෙ බෙහෙත් වලට අවශ්‍ය මුදල් වලින් කොටසක් ගෙවා ගැනීමට හැකි වුනා.ඒ සතුටින් සිටි ජන්කුක් ඔහුට දෙවන උපකාරයත් කර දුන් ටේහ්‍යුන් හට හදවතින් ස්තූති වන්ත වුනා.
පසු දින නියමිත වේලාවටම පාසල් ගිය ජන්කුක්ට වෙනදා වගේම අනිත් අයගෙ තාඩන,පීඩන වලට ලක් වෙන්න වුනත් ඔහු ඒ දේවල් ඉවසගෙන හිටියෙ කවදාවත් ඔහුටත් ඔවුන් මෙන් තවත් කෙනෙකුව පහත හෙලා කතා කිරීමට තරම් ඔහුගෙ ගතිගුණ පහත් නොවුන නිසයි.මේ අයට මොන දේවල් තිබ්බත් තත්වය කියන දේ ඔවුන්ගෙ හිස් මුදුන් ආවරණය කරන් තිබුනේ මිනිස්සුන්ව මතුපිටින් මනින්න හුරු කරළයි.
"අර වේස ගෑණිගෙ ළමයා අපේ දරුවො එක්ක එකට ඉගෙන ගන්න එක නිසයි මේ ඔක්කොම."
"ඒත් මැඩම් අපි කියලා මොනවා කරන්නද?ඒ ළමයගෙ දක්ෂතාව නිසයි එයාට මේ ඉස්කෝලෙට එන්න අවස්ථාව ලැබුනෙ."
"ඒ වුනත් ඒ වගේ කෙනෙක් නිසා අපේ දරුවොන්ට ලැජ්ජා වෙන්න දෙන්න බෑ..."
ඒ බෝගම්ගෙ මව ඔවුන්ගෙ පන්ති භාර ගුරුවරයා හමු වී කියූ කතාවයි.නමුත් මේ කතාව තවත් අයෙක් අසාගෙන සිටියා...
වෙනදා වගේම ජන්කුක් අදත් අර තුරු වදුලට පැමිණ ගීතයක් මුමුණමින් එය පුහුණු වෙමින් සිටින අතර සුපුරුදු ලෙසටම අදත් වෙනදට එන පිරිමි ළමයා පැමිණ ජන්කුක්ගෙ ප්‍රියතම මිල්ක්ෂේක් වර්ගය ගෙනවිත් ඔහු දෙසට දිගු කළ විට...
YOU ARE READING
TEACHER | (On Going)
Fanfictionපමා වී හෝ ලස්සන මල් පූදිනු ඇත...☘︎ "I'll Meet you, but in a world without rights, Among people who claim ownership without love. I love you without rights ..." Story By @Bucket_Cat Written By @Kimvero01 Copying without the author's permi...