"එහෙනම් ඔයා ආවා...ජන්කුක්?"
"ආ...මේ...ඔව්."
"ඉතින්?"
ටේහ්යුන් සැහැල්ලුවෙන් වගේ ඒ ලෙසට විමසුවත් ජන්කුක්ට දැනුනෙ නම් අමුතු නොසන්සුන් බවක්.ඔහු මදක් පැකිලීමෙන් වගේ බිම බලාගෙන...
"ඉතින්...කියන්නෙ?"
"ඔයා දිගටම මෙතන වැඩ කරනවද?"
"ඔව්...ඇයි ඒක නරකද?"
"අහ්...අපෝ නෑ...හැබැයි තමන්ගෙ රාජකාරියට විතරක් ඒ වෙලාවට අවධානෙ දෙනවා නම් හොදයි."
"හ...හා..."
ජන්කුක් බිම බලාගෙන එහෙම පිළිතුරු දුන්නෙ මින් පෙර ඔහු ටේහ්යුන් හට කොතරම් නිර්භයව ඔහුගෙ මුහුණ දෙස බලන් කෙළින් කතා කළත් අද ඔහුට ටේහ්යුන් ඉදිරියේදි දැනුනෙ යටහත් බවක්.සෙමින් ජන්කුක් ඉදිරියට පැමිණි ටේහ්යුන් හොදින් බැලුවෙ ජන්කුක් දෙසයි...
"ඇ...ඇයි?"
"ඔය ඇදුම කාගෙන් අහලද ගත්තෙ?"
ඔහු එය විමසුවේ මදක් රළු විදිහට.එයට මදක් තිගැස්සුනු ජන්කුක් ඔහුගෙ දෑස් විසල් කොට ගොත ගසමින් වගේ...
"ඒ...ඒක මට...දුන්..."
"කමක්නෑ...වෙන ඇදුමක් හොයාගන්න.ඕක ආපහු ගෙනත් දෙන්න."
සීතල හඩකින් එලෙස පැවසූ ටේහ්යුන්,ජන්කුක්ව නොතකාම එතනින් ගියේ ජන්කුක් හට ටේහ්යුන් කියන අමුතු පුද්ගලයා ගැන ප්රශ්නාර්ථයක් ඉතිරි කරළයි...
තමන්ට දුන් පිරිසිදු කිරීම් වැඩ සියල්ල අවසන් කොට ජන්කුක් නැවත තම නිළ ඇදුම පැළඳගෙන නිවස බලා පිටව යෑමට සූදානම් වුනත් ඊට මත්තෙන් නැවත ඔහු කළින් ඔහු පැළද සිටි පිරිසිදු කරන්නාගෙ ඇදුම දෙස බලාගෙන...
"මේ...එයාද?වෙන්න පුලුවන්ද ඒක."
තමාටම එලෙස කියා ගත්ත ජන්කුක් ඒ ඇදුමත් තම බෑගයට දමාගෙන එතනින් පිටත් වුනා.එම ඇකඩමියේ කොරිඩෝවක් දිගේ ජන්කුක් පිටතට පැමිණෙමින් සිටියදී ඔහුට ඒ අසල කුටියකින් ඇසුනු හුරුපුරුදු කටහඩක් නිසා ඔහු එතනින් මදක් නැවතුනා.ඒ ඔහුට ඇසුන දේ තහවුරු කරගැනීමට මිසක් ඔහුට ඕපාදූප සෙවීමට නොවෙයි.ඒ කුටියේ අඩවන් වුනු දොරටුව තුළින් ජන්කුක් දුටුවා ඒ කවුරුන්ද කියා.නමුත් හරියටම ඔහු එහි දුටු දේ නිසා ඔහුගෙද දෑස් අදහා ගත නොහැකි වුනා...
YOU ARE READING
TEACHER | (On Going)
Fanfictionපමා වී හෝ ලස්සන මල් පූදිනු ඇත...☘︎ "I'll Meet you, but in a world without rights, Among people who claim ownership without love. I love you without rights ..." Story By @Bucket_Cat Written By @Kimvero01 Copying without the author's permi...