හමුවීම හිමිවීම නොවූ ලෝකයක
ප්‍රේමයක් නැතිවම අයිතිය කියන මිනිසුන් අතර
මම ඔබට අයිතියක් නැතිවම ප්‍රේම කරමි ☘...
_____________________________________________
" යාහ්....... මොකක්ද මිනිහෝ තමුසේ මේ කලේ අහ්....... බලනවා ඉතින් මගේ අලුත්ම ඇදුම ගන්න දෙයක් නැනේ "
" අනේ මට සමාවෙන්න සේරා ,මන් ඔයාව දැක්කේ නැහැ "
" සමාවෙන්න ........ තමුසේ දැන් ලැජ්ජ නැතුව මගෙන් සමාව ඉල්ලන්නත් එනවද අහ්........ තමුසේ මේක හිතලමයි කලේ . තමුසේ දන්නවද මේක කොයිතරම් නම් වටිනවද කියලා "
" මට සමාවෙන්න සේරා. මන් ඒක හිතලා කලේ නෑ. ඇත්තටම මන් ඔයාව දැක්කේ නැහැ. ඒක අත් වැරදීමක්. කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් කියන්න. මන් කරන්නම් "
" තමුසේ වගේ හිගන කොල්ලෙක් මොනවා කියලා කරන්නද ජන්කුක්....... අපි වගේ වැදගත් පවුල් වල ළමයි හොදට ඇදලා කරලා ලස්සනට ඉන්නවට උබ ඊරිසියයි. ඒකනේ මේ වගේ ජරා වැඩ කරන්නේ. උබත් උබේ අම්මා වගේමයි . වේස ගෑණිගේ ලෙයින් උපන් අවජාතකයා "
" මොකක්ද ගෑණියේ තෝ ඒ කිව්වේ "
එකපාරටම සේරාගේ ඇගට කඩා පැනපු මන්,මගේ අත දිග ඇරලා සේරාගේ කම්මුලට හොදවායින් පාරක් ගැහුවේ පුදුමාකාර කේන්තියකින්. ගහපු කනේ පාරේ සැරට , වේගයෙන් පැත්තකට විසික් වෙලා ගියපු සේරා පන්තිය කෙලවර තිබුනු මේස පුටු ඔක්කෝමත් පෙරලගෙන බිමට ඇදගෙන වැටුනා.
ඒත් එක්කම ඇහුනු සූස්....... ගාන සද්දෙත් එක්ක වටපිට බලපු මන් දැක්කේ පන්තිය වටේටම වටවෙලා ෆෝන් එකත් අතේ තියාගෙන මේ හැමදේම වීඩියෝ කර කර හුගාක් පුදුමෙන් වගේ අපි දිහා බලන් හිටපු ඉස්කෝලේ ලමයින්ව. ඒ හැමෝගේම අවධානය මගේ පැත්තට යොමු වෙලා තිබුනා.
YOU ARE READING
TEACHER | (On Going)
Fanfictionපමා වී හෝ ලස්සන මල් පූදිනු ඇත...☘︎ "I'll Meet you, but in a world without rights, Among people who claim ownership without love. I love you without rights ..." Story By @Bucket_Cat Written By @Kimvero01 Copying without the author's permi...