සිටිමි

166 59 5
                                    

ටේයොන්ග් ,

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ටේයොන්ග් ,

මාව හිරවෙලා.

දැන් දවස් කිහිපයක් තිස්සේ මට මහා අදුරු හැගීමක් දැනෙන්න අරගෙන. ඔයා ඉන්නෙ කොහෙද කියන්නකෝ. මට තියන එකම සැනසීම යන්න කලින් ඔයා මට දුන්න ඒ පොරොන්දුව විතරයි.

මම ⁣බොන්සායි පැලේ හදන්න පටන් ගත්තා ටේයොන්ග්. ඔයා ඒක මුල් අදින්න පටන් ගන්න කලින් ගෙදර ඒවී නේද. නැත්නම් ඊට චුට්ටක් පරක්කු වෙලා හරි.

සමහර වෙලාවට මට මාවම ලොකු ප්‍රශ්නාර්තයක්.

මම මේ හැමදේම මෙහෙම වෙන්න දෙන්නෙ දැන දැනමයිනේ.

ඔයා රැදෙනවට වඩා දුර යනවා කියලා මම දන්නවා . ඒත් මට බැහැ ඔයාට ආදරේ වෙන එක නවත්තගන්න. ඔයා කියනවා හරි . ඔයාගෙ මිනී හරිම නරක තීරණ ගන්න කෙනෙක්.

" ඔයාට ආදරේ වෙන එක ඇර වෙන කරන්න පුළුවන් දෙයක් මම දන්නැ. ඒ නිසා මම දිගටම ඔයාට ආදරේ වෙවි ඉන්නවා "

ටේයොන්ග් ....

ඉක්මනින් වැකේශන් එනවනම් කොච්චර හොද වෙයි ද

ඔයා නැතුව මේ සතිය ගෙවිලා ගියේ හීනෙකින් වගේ.

ඔයාගේ අමුතු සුවද හිනාව , ඔයාගේ විඩාබර දිලිසෙන ඇස් මෙහෙන් යනවට වඩා ඔහෙ ඉදලා එනකොට ප්‍රාණවත් බවෙන් පිරිලා තියනවා මට දැකගන්න ලැබෙවී නේද ?

මම බලන් ඉන්නවා කියලා ඔයා දන්නවා නේද ටේයොන්ග් ....

මම බලන් ඉන්නවා .
ඔයාගේ ලොකු උණුසුම් කබායකට ගුලි වෙලා මම බලන් ඉන්නවා .

මට කරන්න පුළුවන් හොදම දේ මම කරනවා.

මම බලන් ඉන්නවා.

......

𝐘𝐨𝐮 𝐝𝐨𝐧'𝐭 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝  ; 𝐀𝐋𝐢𝐄𝐍 𝐓𝐇𝐢𝐍𝐆𝐒  (( VmiN )) ✅Donde viven las historias. Descúbrelo ahora