" මගේ ආදරේ ඔයාට ප්‍රකාශ කරගන්න බැරි ඒක මගෙ වැරැද්දක් ද ටේයොන්ග් . මම ඔයාට ආදරෙයි කියලා වචන වලින්ම මම කියන්නම ඕනද "
මම සීතල නගරයක උණුහුමැති හදවතක් තියන ඔයත් එක්ක ආදරෙන් බැදිලා ඉන්න බව ඇයි ඔයා තවමත් තේරුම් නොගන්නේ ....
නැත්නම් ඔයා ඒක නොතෙරෙනවා වගේ ඉන්නවද...
අපි තුරුළු වෙලා ඉන්න හවස්වරුවකටත්
අපි දුරස් වෙලා ඉන්න තප්පරයකටත් මගේ ආදරෙ එහෙම්මමයි. චුට්ටක් රිද්දගන්නවා විතරයි....මම හරිම ආත්මාර්ථකාමි විදිහට බය වෙලා ඉන්නවා කියලා මම දන්නවා .
මට බයයි ඔයාව මගෙන් කවුරු හරි උදුරගනී කියලා.
ඔයා මටත් මම ඔයාටත් කිසි දවසක ආදරෙයි නොකියගත්තා උනත්..... මම විශ්වාස කරනවා අපි අපිට ආදරේ බව...
මම දන්නවා
මට දැනෙනවාඒත්.......
ටේයොන්ග් ....මාව ඉරිසියාවෙන් පිච්චිලා යනවා....
" ඔයාව ඔහොම දැක්කම... මට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා... ඒ ගෑනු ළමයා එක්ක කතා කරන්න එපා කියලා මට ඔයාට කියන්න ඕනේ. මට ඕනෙ ඔයා එක්ක රණ්ඩු කරන්න. අඩන්න.... මාව උස්සගෙන හුස්ම ගන්න බැරි වෙනකම් ඔයා මාව සිපගන්නවා විදින්න.......එහෙම උනොත් මගේ කෲර ඉරිසියාව කදුළු වෙලා දියවෙලා යාවි....."
මම එයාගේ රසවත් සීනී බෝල පාර්සලය තනියම අයිති කරගන්න හදන මොට්ට පුංචි ළමයෙක් කියලා ඔයා හිතාවිද.....
මට ඔයාව අයිති කරගන්න ඕනේ....
මට සමාවෙන්න....
ඒත් මට ඔයාව මට විතරක්ම අයිති කරගන්න ඕනේ...." ටේයෝන්ග් .... මම අසාමාන්‍ය විදිහට සාමාන්‍ය එක්තරා ආදරවන්තයෙක් . ඔයාට වගේ විසල් හදවතක් මට නැ. මගේ පුංචි හදවත සම්පුර්ණයෙන්ම අයිති ඔයාට.... ඒ තේරුම් ගන්න බැරි ආදරණීය මනුස්සයට... මගේ ටේයොන්ග්ට.... "
..............
ŞİMDİ OKUDUĞUN
𝐘𝐨𝐮 𝐝𝐨𝐧'𝐭 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝 ; 𝐀𝐋𝐢𝐄𝐍 𝐓𝐇𝐢𝐍𝐆𝐒 (( VmiN )) ✅
Rastgele𝐝𝐨𝐧'𝐭 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝 ; 𝐀𝐋𝐢𝐄𝐍 𝐓𝐇𝐢𝐍𝐆𝐒 (( VmiN )) ( first part of ' my beloved starring night ' ) "𝙸 𝚔𝚗𝚘𝚠 𝚗𝚘𝚝𝚑𝚒𝚗𝚐 𝚠𝚒𝚝𝚑 𝚊𝚗𝚢 𝚌𝚎𝚛𝚝𝚊𝚒𝚗𝚝𝚢 𝚋𝚞𝚝 𝚝𝚑𝚎 𝚜𝚒𝚐𝚑𝚝 𝚘𝚏 𝚝𝚑𝚎 𝚜𝚝𝚊𝚛𝚜 𝚖𝚊𝚔𝚎𝚜 𝚖𝚎 𝚍𝚛...